අලුත් අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය කාලසටහන මෙන්න

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගමන් බිමන් යන මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අප්‍රේල් මස 5දා සිට 17 දක්වා කොළඹ සිට පිට පළාත්වලට යෑමට හා ඒමට විශේෂ නගරාන්තර හා ශීඝ්‍රගාමී දුම්රිය කිහිපයක් ධාවනයට යොදවයි.
අප්‍රේල් 7, 8, 12 සහ 20 යන දිනයන්හිදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 11.30ට පිටත්ව රාත්‍රි 9.18ට බණ්ඩාරවෙලට ළඟා වෙයි. අප්‍රේල් 8,10,13 සහ 17 යන දිනවල පෙ.ව. 8.30 සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් පිටත්වන විශේෂ දුම්රිය ප.ව. 6.12ට කොළඹ කොටුවට
පැමිණෙයි.
අප්‍රේල් 14දා කොළඹ කොටුවෙන් පෙ.ව. 8ට පිටත්ව වේයන්ගොඩට පෙ.ව. 9.12ට ද වේයන්ගොඩින් පෙ.ව. 9.30ට පිටත්වන විශේෂ දුම්රිය ප.ව. 12.09ට දකුණු කළුතරටද ළඟා වීමට නියමිතය. දකුණු කළුතරින් ප.ව. 1ට පිටත්ව ප.ව. 3.37ට වේයන්ගොඩට ළඟා වන අතර එදිනම වේයන්ගොඩින් ප.ව. 4ට පිටත්ව ප.ව. 5.12ට කොළඹ කොටුවට පැමිණෙයි.

අප්‍රේල් 14 මරදානෙන් පෙ.ව. 7.40ට පිටත්වන දුම්රිය පෙ.ව. 9.07ට දකුණු කළුතරට ළඟා වෙයි. එදිනම දකුණු කළුතරින් පෙ.ව. 9.20ට පිටත්වන විශේෂ දුම්රිය පෙ.ව. 11.57ට වේයන්ගොඩට ළඟා වෙයි. වේයන්ගොඩින් ප.ව. 12.25ට පිටත්වන තවත් දුම්රියක් ප.ව. 2.59ට දකුණු කළුතරට පැමිණෙයි. දකුණු කළුතරින් ප.ව. 3.20ට පිටත් වන දුම්රිය මරදානට ළඟා වෙන්නේ ප.ව. 4.44ට.
අප්‍රේල් මස 12දා කොළඹ කොටුවෙන් රාත්‍රි 10ට පිටත් වන දුම්රිය යාපනයට ළඟා වෙන්නේ 13දා පෙ.ව. 6.30ට. අප්‍රේල් 17දා යාපනයෙන් ප.ව. 8ට පිටත්ව පසුවදා පෙ.ව. 4.43ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙයි.

අප්‍රේල් 7,8,9,10,11 සහ 12 යන දිනයන්හිදී කොළඹ කොටුවෙන් ප.ව. 1.05ට පිටත්වන විශේෂ දුම්රිය ප.ව. 4.29ට මහවට ළඟා වන අතර 7,8,9,10,11 සහ 12 යන දිනයන්හිදී මහවින් ප.ව. 5.10ට පිටත්ව කොළඹ කොටුවට ළඟා වෙන්නේ ප.ව. 8.57ට.

අප්‍රේල් 11,12,13 සහ 17 යන දිනවලදී පෙ.ව. 9.20ට මරදානෙන් පිටත්වන විශේෂ දුම්රිය ප.ව. 12.02ට ගාල්ලට පැමිණෙයි. අප්‍රේල් 11,12,13 සහ 17 දිනයන්හි ගාල්ලෙන් ප.ව. 1ට පිටත්ව ප.ව. 3.40 මරදානට ළඟා වෙයි. අප්‍රේල් 11,12,13 සහ 17 දිනවලදී මරදානෙන් පෙ.ව. 11.45ට පිටත්ව ප.ව. 1.56ට ගාල්ලට ළඟා වෙයි. අප්‍රේල් 11,12,13,17 දිනවල ගාල්ලෙන් ප.ව. 5.45ට පිටත්වෙන විශේෂ දුම්රිය ප.ව. 8.49ට මරදානට ළඟා වීමට නියමිතයි.
අප්‍රේල් 11,12,15 සහ 16 දිනයන්හි මරදානෙන් ප.ව. 3.10ට පිටත්ව මාතරට ප.ව. 6.16ටද මාතරින් ප.ව. 7ට පිටත්ව මරදානට ප.ව. 10.50ටද පැමිණෙයි.
අප්‍රේල් 12 කොළඹ කොටුවෙන් ප.ව. 6.50ට පිටත්ව ප.ව. 9.06ට ගාල්ලටද ගාල්ලෙන් ප.ව. 9.30ට පිටත්වන විශේෂ දුම්රිය ප.ව. 11.49ට මරදානට ද ළඟා වෙයි.
අප්‍රේල් 16 ප.ව. 6.50ට කොළඹ කොටුවෙන් පිටත්ව ප.ව. 9.06ට ගාල්ලටද අප්‍රේල් 17 ගාල්ලෙන් පෙ.ව. 7.05ට පිටත්වන විශේෂ දුම්රිය පෙ.ව. 9.22ට මරදානටද ළඟා වීමට නියමිතය.
(චාමිණී ගම්මන්පිල)





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment