ආණ්ඩුව ඡන්දේ තිබ්බත් නොතිබ්බත් අපි බෙලිඅත්තට ඡන්දයක් තියනවා -DV උපුල්

හිටපු පළාත් සභා අමාත්‍ය ඩී. වී. උපුල් මහතා පසුගියදා පැවති රැස්වීමකදී මෙසේ පවසා ඇත.
‘මේ ජුනි මාසේ වෙනකොට ප්‍රාදේශීය සභා මැතිවරණ නොතිබ්බොතින් අපි නියමු ව්‍යාපෘතියක් විදියට
බෙලිඅත්ත
ප්‍රාදේශීය සභාවට පෞද්ගලිකවම පත්වෙලා නාම යෝජනා දීලා අපේ අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා ජනතාවට ඡන්ද අවස්ථාව දීලා යූ. එන්. පී. යට අභියෝග කරනවා පුළුවන්නම් ඡන්දේ දෙන්න කියලා. මැතිවරණ කොමසාරිස් ඒ කාලේ මහා සිංහයෝ වගේ කෑගැසුවාට අද සද්ද නැතිව ඉන්නවා. අපි මැතිරණ බලතල අරගෙන ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කරලා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ අගෝස්තු මාසෙට ඉස්සර වෙලා ඡන්දයක් තියනවා.
ජනතා විමුක්ති පෙරමුණට හා එක්සත් ජාතික පක්ෂයට පුළුවන් නාම යෝජනා දෙන්න. අපේ අපේක්ෂකයෝ අපි ඉදිරිපත් කරනවා. ඔබට කොන්ද පණ තියෙනව නම් ඔබට බලයක් තියෙනව නම් ඔබට ඡන්දෙ දිනන්න පුළුවන් නම් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වෙන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බේරලා දුන්නු නායකයා රට සංවර්ධනය කරලා දුන්නු නායකයා මේ රටේ නැවත වාරයක් අගමැතිවරයා බවට පත් කරලා රටේ නායකයා බවට පත් කරන්න ප්‍රතිඥා දෙනවා.‘

තංගල්ල - සහම්පති මානගේ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment