මම උපවාස කළේ ඇප ගන්න නෙමේ -විමල් වීරවංශ


මම උපවාස කළේ ඇප ගන්න නෙමේ 
-විමල් වීරවංශ

පසුගිය දිනවල රක්ෂිත බන්ධනාගාරව සිටියදී උපවාසයක් කර රටේ අවධානය දිනාගනිමින් පුවත් මැවූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇප මත නිදහස ලැබීමෙන් පසු මෙවර සතිඅන්ත පුවත්පතක් අමතා සම්මුඛ සාකච්ඡාවක් ලබාදී පවසා ඇත්තේ තමා එලෙස නිරාහාරව සිටියේ ඇප ලබාගැනීමේ අදහසින් නොවන බවයි.
ඔහු ඒ ගැන මෙසේ කියා සිටී.
‘උපවාස කළාම ඇප ලැබෙයි කියලා මම හිතුවෙ නැහැ.
ඇප ලබාගැනීම
පිණිස උපවාස කළෙත් නැහැ.එහෙමනම් මගේ නීතීඥයින් ඇප ඉල්ලීම නතර කරනවනේ. නීතීඥයින් එකක් ප්‍රතික්සේප වෙනකොට තව එකක් දානවා.

උපවාස කළේ මේ දේශපාලන දඩයම පිළිබඳව ප්‍රබල මහජන මතයක් අවදි කරන්න. ඒ මහජන මතය විසින් ආණ්ඩුව ගෙනයන මේ දඩයමට එරෙහිව වුවද දේශපාලන බැරියර් එකක් නිර්මාණය කරන්න. මම හිතනවා හිරගෙදර ඉන්න කෙනෙකුට විරේධය පාන්න ක්‍රම ගොඩක් නැහැ. හිරගතවුණාම විරේධය පාන්න තියෙන්නෙ එක ක්‍රමයයි.

 නිරාහාරව සිටීමෙන් පෙන්වන විරෝධය පමණයි. ඒක මම කළා. ඒක කළේ මේ ආණ්ඩුවේ පරගැති න්‍යාය පත්‍රයට එරෙහි දේශපාලන බලවේග දඩයම් කරන්න දිගින් දිගටම දරන පිළිවෙතට එරෙහිව මහජන මතය අවධි කරන්න.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment