කොට්ටාවේ තරින්දි ඝාතනය කළ පෙම්වතා පොලිසියට භාරවේ

පසුගිය 22 වන දා කොට්ටාව ප්‍රදේශයේ තෙමහල් නිවසකදී උල් ආයුධයක් භාවිත කර 26 හැවිරිදි තරින්දි ආලෝකා නමැති තරුනිය ඝාතනය කළ බවට සැකකළ ඇගේ විවාහ යෝජිත පෙම්වතා කියන තැනැත්තා පොලිසිය සොයමින් සිටි අතර ඔහු පොලිසියට භාරවී තිබේ.නීතීඥයෙකු මාර්ගයෙන් කොට්ටාව පොලිසියට
බාර වී තිබෙන

ඔහු මාතර හක්මන, මීමැන්න, බඩබැද්ද ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ලෙස හඳුනාගෙන ඇත.

සැකකරු ට තවත් රහසිගත පෙම්වතියක සිටි බවත් මෙම තරුණිය එය දැනගෙන මොහු ගැන ඇයවද දැනුවත්කිරීමෙන් පසු දෙදෙනාම මෙම පුද්ගලයා අතැරයාම නිසා මෙම ඝාතනය සිදු කරන්නට කටයුතු යෙදුණ බවට වාර්තා පළව තිබිණි.
ගෙල ප්‍රදේශයේ ඉදිරිපසට හා පසුපසට පිහි පහර 20කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තරුණිය මරා දමන ලද මෙම පුද්ගලයා
සිද්ධිය වන දිනට පෙර දින රාත්‍රියේ අදාළ නිවසට රහසිගතව පැමිණ සැඟවී සිට පසුදා නිවසේ ඇය පමණක් සිටි වේලාවක ඇය වෙත ගොස් ඝාතනය කර ඇති බවටද තොරතුරු හෙළි විය.
සැකකරු අද දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment