සැඟවී සිටි ඥාණසාර හිමි අධිකරණයට භාරවේ - ඇප පිට නිදහස්


සැඟවී සිටි ඥාණසාර හිමි අධිකරණයට භාරවේ
ඇප පිට නිදහස්

පසුගිය දිනවල අදිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසු පොලිසියට සොයාගන්නට බැරිව ගිය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වූ අතර එහිදී වරෙන්තුව ඉවත් කරගෙන ඇප ලබා නිදහස්වන්නට අවස්ථාව උදා කරගත්තා.
ඒ අනුව මේ දක්වා බොදු බල සේනා මහලේකම්වරයා හැටියට ජාතීන් අතර අසමගිය ඇති කිරීමට අනුබලදීෙම් චෝදනා මත
උන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව පොලිසියට මගහැරෙනු ඇත. කෙසේ වෙතත් උන් වහන්සේට වරෙන්තු නිකුත් වූයේ මින් කලකට ඉහත අධිකරණ භූමියක සිදු කළ කාලකෝලාහලය සම්බන්ධ නඩුවට දිගින් දිගටම පෙනී නොසිටීම නිසාය. පසුගිය මාසයේ කුරුණෑගල ප්‍රෙද්ශයේ මුස්ලිම් පල්ලියකට

එල්ල කළ ප්‍රහාරය උන් වහන්සේගේ අනුගාමිකයින් උසි ගැන්වීම නිසා සිදු කළ එකක් බවට පොලිසිය සැක කර උන් වහන්සේ අත්අඩංගුවට ගන්නට උත්සාහ කර තිබුණත් පිරිස් බලය පෙන්වා පොලිසිය මගහැර යන්නට කටයුතු කර තිබුනි. පසුව මහනුවර හිමිවරුන් බැහැදැක උපවාසයකද නිරතවූ හිමියන් කියා සිටියේ ‘මං විතරද ජාතිවාදී අනෙක් ජාතිවාදීනුත් අල්ලනවනම් විතරක් මාව අල්ලන්න‘ යන අදහසයි.

කෙසේ වෙතත් පසුව පොලිසිය කරුනු ගොනු කරගෙන උන්වහන්සේ අත්අඩංගුවට ගන්නට උසාවි නියෝගද ලබාගත් අතර දිගින් දිගටම නීතියට පිටුපා උන් වහන්සේ සැඟව සිටියේ අනෙක් නඩුද මගහරිමිනි.
සැඟවී සිටීමේ උපරිම සීමාව තුළ ඊයේ උන්වහන්සේට හිතැති අස්ගිරි පාර්ශ්වයේ ස්වාමීන් වහන්සේලා විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කරන ලද පසුව අද අදිකරණයට භාරවූයේ පොලිසියේ ස්පර්ශයකින් තොරවයි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව වාර්තා විය.
ඒ හිමියන්ට නිකුත් කර තිබූ වරෙන්තුද අද ආපසු කැඳවනු ලැබීය. නඩුව ලබන අගෝස්තු 10 වැනිදා තෙක් කල් තබා ඇත.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත්  කරන ලෙස ඉල්ලා උන්වහන්සේ විසින් ගොනු කළ  මුලික අයිතිවාසිකම් පෙත්සමක්ද, අද (21) දිනයේ දී විභාගයට ගැනීමට නියමිතව ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment