ලිප්ටන් වටරවුමේ ‘නොනිදන රාත්‍රිය‘ අට්ටාලය ඉවතට පොලිස් ජල ප්‍රහාර - 13 ක් අත්අඩංගුවට


ලිප්ටන් වටරවුමේ වෛද්‍ය පිඨ ‘නොනිදන රාත්‍රිය‘ අට්ටාලය ඉවතට
පොලිස් ජල ප්‍රහාර - 13 ක් අත්අඩංගුවට
බඩු අරන් යන්න දුන්නෑ - අන්තරෙන් චෝදනා


අධිකරණ නියෝගය නොතකමින් කොළඹ ලිප්ටන් වටරවුමේ අට්ටාලයක් ඉදිකර සත්‍යග්‍රහයක නිරතව සිටි සරසවි සිසුන් 13 දෙනකු අද සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය දන්වා තිබේ.
අදාළ අට්ටාලය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කළ අතර සිසුන් පළවා හැරීමට ජල ප්‍රහාර ද එල්ල කෙරිණි.
‘නොනිදන රාත්‍රිය‘ විරෝධතා අට්ටාලය නමින් නම් කර රාත්‍රීය පුරා සංගීත නද පතුරමින් සත්‍යග්‍රහයේ යෙදී සිටි වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී විරෝධතාකරුවන් සයිටම් ජයගන්නාතුරු
මෙය ඉවත් නොකරන බව පවසා තිබුණි.
 අට්ටාලය මහජන පිඩාවක්
යයි පවසා එය ඉවත කරන ලෙස ඉල්ලා කොලඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් නියෝගයක් සහිතව පැමිණි පොලිසිය විනාඩි 15ක් තුල ඉවත්වන ලෙස ප්‍රකාශ කර සිටි නමුත් සිසුන් මුලදී ඉවත්වී නැත.
මහජන පිඩාවක් කෙසේ සිදුවන්නේද  පිලිබදව සිසුන් දිගින් දිගටම පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබේ.
එ් ගැන වචන හුවමාරුවෙන් පසුව පොලිසිය විසින් සිසුන් හට බඩුබාහිරාදිය ඉවත් කර ගැනීමට කාලයක් නොතබා අධිපිඩන ජල ප්‍රහාර එල්ල කොට සිසුන් පළවා හැරීමට කටයුතු කළේ යයි මේ ගැන නිවේදනයක් නිකුත් කරන අකන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දන්වා ඇත.

මෙහිදී පිරිමි සිසුන් 12 ක් හා කාන්තා සිසුවියක අත්අඩංගුවට ගෙන තිබේ. කරාපිටිය වෛද්‍ය පිඨයට අයත් සිසුන් 8 දෙනෙක් හා රාගම වෛද්‍ය පිඨයට අයත් සිසුන් 4ක් ඒ හා සිසුවිය ඒ අතර සිටි.
ලක්ෂ ගණනක් වටිනා බඩු බාහිරාදියද පොලිස් බාරයට ගෙන ඇති බවත් අධ්‍යයන කටයුතු වලට අදාල පොත්පත් සහිත ගමන් මලු සහ කුලී පදනම මත ගෙනෙන ලද වැසිආවරණ ද ඒ අතර වන බවත් කිසිවක් ඉවත්කර ගැනීමට ඉඩක් නොලබා පහර දිම අසාධාරණ බවත් අන්තරයේ නිවේදනයෙන් චෝදනා කර තිබේ.











Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment