මුලතිව් පාසලක් අසල පිපිරීමක් සිසුන් 8ක් රෝහලේ

මුලතිව් කෝකිලායි ගම්මානයේ සිංහල පාසලේ පැවැති ඩෙංගු මර්දන වැඩසටහනක් අතරතුරදී පාසල් වැටේ මායිමට එකතු කළ කසළ ගොඩක සිදුවූ පිපිරීමකින් යෑමකින් කම්පනයට පත්වූ පාසල් සිසුවියන් 6 දෙනකු හා
සිසුන් දෙදෙනකු
මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුළත් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
ඩෙංගු මර්දන වැඩසටහනකට සමගාමීව පාසල් භූමිය පවිත්‍ර කොට එක් රැස් කර ගන්නා ලද කසළ ගොඩට ගිනි තබා ඇති අතර එහි තිබූ මසුන් මැරීමට යොදා ගන්නා "ජෙලග් නයිට් කූරක්" පුපුරා යෑම හේතුවෙන් මේ කම්පනය සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මේ පිපිරීමෙන් පාසලේ කිසිවකුට හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
(පහන් විජේසේකර,මුලතිව් - ශෂි කුමාර්,මඩුකන්ද - දීපාල් බණ්ඩාර)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment