කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගෙ නම විකුණන අයට අහුවෙන්න එපාලු

කොණ්ඩදෙණියේ හාමුදුරුවන් නමින් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසුලූ කඩම්බාවේ සීලරතන හිමියන් ගෙන් ගුප්ත ශාස්ත්‍රය හැදැරූ කිසිවෙකුත් නොමැති බවත් උන් වහන්සේ ඇසුරු කළ හෝ
විහාරස්ථානයේ සිටි කිසිවෙකුත් උන්වහන්සේ ගේ ගුප්ත කටයුතු සිදුනොකරන බවත් වත්මන් කොණ්ඩදෙණියේ රජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී  පූජ්‍ය කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ පවසති.

ගිහි ඥාතීත්වයෙන් කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ මුණුපුරෙකු වන කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ පැවිදි ජීවිතයේ දී ද කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ අන්තේවාසික සිසුවෙකු සේ වැඩ සිට ඇත.

අනුරුද්ධ හිමියන් වැඩිදුරටත් සඳහන් කරනුයේ තමන් වහන්සේ කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත් බව පවසා උන්වහන්සේ ගේ නම 'විකුණමින්' යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී ගුප්ත කටයුතු වල යෙදෙන්නවුන් ‘බොරු කාරයන්’ බවය.
ඒ ගැන පවසන වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment