ගාර්භාෂ සැත්කම බාගෙට කරද්දී ලයිට් ගිහින් පැය එකහමාරක් තිස්සේ සැත්කම නවතී


ගාර්භාෂ සැත්කම බාගෙට කරද්දී
ලයිට් ගිහින්

පැය එකහමාරක් තිස්සේ සැත්කම නවතී


අඩු පහසුකම් සහිත රෝහල් වල සැත්කම් සිදු කිරීමේ අවදානම පිළිබඳ සිත් සසල කරවන වාර්තාවක් වතුපිටිවල රෝහලින් වාර්තාවී තිබේ.
එම රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයින් දෙදෙනෙකු ඇතුලු කණ්ඩායමක් 45 හැවිරිදි කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් ඊයේ උදෑසන සිදු කරන අතරවාරයේ පැය එකහමාරක් තිස්සේ විදුලිය විසන්ධිවීම නිසා අකරතැබ්බයකට පත්ව තිබේ.
සැත්කම ආරම්භ කර පැය භාගයකින් පමණ ගර්භාෂය විවෘතව තිබූ අවස්ථාවේ
මෙම විදුලි විසන්ධිය සිදුව
ඇති නිසා වෛද්‍යවරුන්ට කරගන්නට දෙයක් තිබී නැත. සැත්කම් කාමරයම අන්ධකාරයට පත්ව ඇති අතර සැත්කමේ ඉතිරි වැඩ මෙන්ම රෝගියාගේ හදිසි කැළඹීමකදී උපකාරයට ගත හැකි  ජීවිත ආරක්ෂාව සම්බන්ධ පද්ධතියද අකර්මන්‍යව ඇත. රෝහල් අධ්‍යක්ෂවරයා දන්වා ඇත්තේ
රෝහලේ විදුලි ජනක යන්ත්‍රයක් තිබුණත් කිසියම් දෝෂයක් නිසා එය පණගන්වන්නට බැරිව ගොස් ඇති බවයි.පැය එකහමාරක් තිස්සේ ගර්භාෂය විවෘතව තිබී පසුව විදුලිය පැමිණි පසු සැත්කමේ ඉතිරි වැඩ සිදු කළ බවද වාර්තා විය. වාසනාවට රෝගියාට කිසිදු කරදරයක් සිදුව නැත.
මෙවැනි අවදානම් සහගත තත්වයක් රෝහල්වල සැත්කම් සම්බන්ධයෙන් පැවතීම ගාටලුකාරීය. මේ ගැන එම රෝහලේ සහකාර වෛද්‍යඅදිකාරවරයා දන්වා ඇත්තේ විදුලි ජනක පද්ධතියට තිබුණ දෝෂය සිද්ධිය වනතුරු දැන නොසිටි බවයි. විදුලි බල මණ්ඩල කාර්යාලයට කථාකර විදුලිය යළි ලබාගන්නට කටයුතු කර තිබුණ බවද ඔහු පවසා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment