චම්පක රාමනායක බංග්ලාදේශයට ?

ශ්‍රී ලංකා ක්‍රකිට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිට එයින් ඉල්ලා අස්වූ චම්පක රාමනායක මහතා බංග්ලාදේශ පුහුණුකරුවෙක් ලෙස බඳවා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

කෙසේ නමුත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් සදහන් කර ඇත්තේ ඔවුන්ගේ පළමු තේරීමේ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටුවර්ට් මැක්ගිල් බවය.

මේ සම්බන්ධයෙන් චම්පක රාමනායක මඟ ද සාකච්ඡා පවත්වන බව ඔහු සදහන් කර ඇත.

රාමනායක මහතා බංග්ලාදේ ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුකරු ලෙස බඳවා ගැනීමට මෙහිදි අවධානය යොමුව තිබේ. ඒ අනුව යම් හෙයකින් රාමනායක මහතා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වෙන්නේ නම් එය දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් වෙනු ඇත.

රාමනායක මහතා මීට ඉහතදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment