මරික්කාර් මැරයා ගැන පාර්ලිමේන්තුවේ කතා

ඛනිජ තෙල් සේවක වැඩ වර්ජනය ගැන කතා ඊයේ (27දා) දිනත් පාර්ලිමේන්තු සභාව උණුසුම් කළේය.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල දිනේෂ්ට උත්තර දෙමින් ඊයේ ඇති වූ සිද්ධිය කවුරුත් දන්නවා. ප්‍රශ්න ඇති කළේ කවුද කියලා කවුරුත් දන්වා යැයි කීවේය.
රූපවාහිනි නාළිකාවල අප දැක්කා කුඩු කාරයෝ ඇවිත් පහර දෙන්න පටන් ගත්තා. "මරික්කාර්ගේ මැරයෝ"කීවේ විමල් වීරවංශයි.
"ඊයේ රාත්‍රි එක වනතුරු මා වෙබ් සයිට් බැලුවා පහරදීමක් වෙන බව කිසිම එකක දැක්කේ නැහැ"
ලක්ෂ්මන් කිරිඇල්ල සභානායක කියන විටම දිනේෂ්, බන්දුල, විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයද ජ.වි.පෙ. නිහාල් ගලප්පත්ති ද නැඟී විරෝධය දක්වන්නට පටන් ගත්තේය.

විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කළේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලයි. ඔහුගෙන් පසු එම්. ඒ. සුමන්තිරන් කතා කළේය.
දිනේෂ් ගුණවර්ධන ඉතා වේගවත් කතාවක් කළේය. කොළොන්නාවේ පහරදුන් මැරයෝම හම්බන්තොටදී පහරදුන් බවත් ඒ ගැන ඡායාරූප තිබෙන බවත් කීවේය.
අජිත් මාන්නප්පෙරුම හම්බන්තොට මැරයන් ගැන යමක් කීමට උත්සාහ කළද එය රීති ප්‍රශ්නයක් නොවන බව මූලාසනෙන් තීරණය කෙරිණි. "මැරයෝ අරන් ගිය වෑන් එක ආවේ ගම්පහින් බව අපි දන්නවා" දිනේෂ් අජිත් මාන්නප්පෙරුමට උත්තර දුන්නේය.
සයිටම් ප්‍රශ්නය විසඳන්නෙ නැති සෞඛ්‍ය ඇමැති රාජපක්ෂලා අත්අඩංගුවට ගන්න බව කියනවා. අත්අඩංගුවට ගන්න එයා අධිකරණ ඇමැතිද? ලැජ්ජා නැති මිනිහෙක්. ලැජ්ජා නැති ඇමැතිවරයෙක්. නීතිය තමන්ගෙ සාක්කුවට දාගෙන ප්‍රකාශ කරනවායි දිනේෂ් හතර අතට ප්‍රහාරය එල්ල කළේ තල් අත්තට බොරුලු ගසන අයුරුනි.
එස්. එම්. මරික්කාර් කතාව පටන් ගත්තේ ඇතැම් ජනමාධ්‍යන්ට පහර දෙමිනි. එක්තරා කුඩු මාධ්‍යක් හා සමාජ මාධ්‍ය ජාලා කිහිපයක් ද සභාවේ කිහිප දෙනෙක්ද කොළොන්නාවේ ප්‍රහාරයට තමා සම්බන්ධ යැයි කියන බව මරික්කාර් කීවේය.
ඔහු විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ නමද සඳහන් කරමින් කතා කළේය.
"මරික්කාර් කියන මැරයා ගැනයි මා ඊයේ කතා කළේ. ඒක මෙතුමා ඔළුවට දාගත්ත නම් මට කරන්න දෙයක් නැහැ" විමල් වීරවංශ පැවැසුවේ මරික්කාර්ට පිළිතුරු වශයෙනි.

නැවත වරක් මරික්කාර් මන්ත්‍රිවරයා නැඟී සිටින්නට උත්සාහ ගත්තේය. "එතුමා නිවැරැදි කළානෙ. තමුන්නාන්සේ කලබල වෙන්න එපා." නියෝජ්‍ය කතානායක සන්සුන් ලීලාවෙන් පැවැසුවේය.

රංජිත් සොයිසා මන්ත්‍රිවරයාද අදහසක් දක්වමින් අපි කීවේ මරික්කාර් කියන පාහර පඟර නැට්ටෙක් ගැනයි. නැතිව මෙතුමා ගැන නොවේ යැයි කීවේය.
තුවක්කුවක් දකින කොට කලිසම තෙමා ගන්නා පඟර නැට්ටෝ ගැන කතා කරලා වැඩක් නැහැ. මරික්කාර් මන්ත්‍රිවරයාද ඇඟට පතට නොදැනී කියා දැම්මේය.
අනුර කුමාර දිසානායක දිවා ආහාරයෙන් පසු සභා ගැබට යෑම සඳහා විදුලි සෝපනය අසලට පැමිණියේය. ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුද සෝපානය අසල සිටියේය. රවි කරුණානායක ඇමැතිතුමාට කොහොමද?
අනුර ඇසුවේ සිනාසෙමිනි. ඇමැතිවරයා එවැන්නක් අසනු ඇතැයි නොසිතුවා විය හැකිය. "ආ! ඉන්නවා" යැයි කියමින් ඔහු විදුලි සෝපානයට ගොඩ වුණේය.

බන්දුල ගුණවර්ධන අසා තිබූ වාචික ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ප්‍රාථමික කර්මාන්ත ඇමැතිතුමාම ඔබතුමාට උත්තර දෙන්න ඕනෑ කියනවා. ඒ නිසා කල් ඉල්ලා තියෙනවා යැයි කීවේය.

බන්දුල යමක් කියන්නට උත්සාහ කළද මයික්‍රෆෝනය ක්‍රියා කළේ නැත. බන්දුලට කේන්ති ගියේය.
කල් ඇතිව ප්‍රශ්නයක් දීලා උත්තර දෙන්න පෙර අදහස් හුවමාරුවකට මිනිත්තුවක්වත් කතා කරන්න දෙන්නෙ නැතිව ස්විච් එක ඕෆ් කරන බලධාරියා කවුද? මේක යකාගෙ පාර්ලිමේන්තුවක්නෙ.

කොළොන්නාවේ සිද්ධිය ගැන කතා කළ අනුර කුමාර එම ප්‍රහාරයට සම්බන්ධ වූ මැරයන් යැයි කියමින් පුද්ගල ඡායාරූප කිහිපයක් සභාවට පෙන්වමින් කතා කළේය.
වැලිකඩ පොලිසියේ ඕ. අයි. සී. ආචාර්ය රන්වල අල්ලාගෙන බිත්තියට හේත්තු කර අතින් පයින් පහර දෙනවා. පොලිස් භාරයට ගත් කෙනාට පහර දෙනවා. මෙහෙම කරන්න පුළුවන්ද?

"පොලිසිය භාර ඇමැතිවරයා හැම වෙලාවෙම සූුප්පුව කටේ ගහ ගත්ත වගෙ ඉන්නවා"යි කියූු අනුර කුමාර එම පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නැයිද ඉල්ලීමක් කළේය.

මේ ආකාරයට මැර ප්‍රහාර දෙනවා නම් ජනතාව ඒ සඳහා සූදානම් කරවන බව සහතික යැයිද අනුර කුමාර එක්තරා අනාගත වාක්‍යයක් කීවේය.
අනුර කුමාරගේ අනාගත වාක්‍යයට ප්‍රති වාක්‍යයක් මන්ත්‍රි නලින් බණ්ඩාරගෙන් ප්‍රකාශ විය.
ජනතා ද්‍රෝහී වර්ජනවලට විරුද්ධව නම් අපි එනවා. මිනීමරන්න නොවේ.

ජනතාව ආරක්ෂා කරන්න ජනතාවගේ හිතසුව පිණිස අප එනවා. යැයි ඔහු සහතිකයක් දුන්නේය.
අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය සම්බන්ධ විවාදයේ ඡන්ද විමසීම පසු දින එනම් අද (28දා) උදේ පැවැත්වීමට නියමිත බව සභානායක කිවේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment