මියගිය පොලිස් සැරයන් සරත් වෙනුවෙන් විනිසුරු ඉලංචේලියන් හඩා වැටේ

මියගිය පොලිස් සැරයන් සරත් වෙනුවෙන් 
විනිසුරු ඉලංචේලියන් හඩා වැටේ

යාපනයේ මහාධිකරණ විනිසුරුවරයාට ආරක්ෂාව සලසන්න ගොස් යාපනය, නල්ලූර් ප‍්‍රදේශයේදි ඊයේ (22) සිදුවූ වෙඩි වැදීමෙන් මියගිය පොලිස් සැරයන් වරයා සරත් හේමචන්ද්‍ර මහතාය. ඔහු හලාවත කුමාරකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මියයන විට 57 වැනි වියේ පසු වුණා. යාපනය විනිසුරුවරයා
ඉලක්ක කර ගනිමින්
මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්තාවේ නිර්භීතව ප්‍රහාරකයා සමග ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඔහු විනිසුරුවරයා බේරාගැනීමට කැපවුණා.
නමුත් උදරයට වැදුණු වෙඩි ප්‍රහාරයක් නිසා පොලිස් සැරයන්වරයා පැය කිහිපයකට පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.
වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිඳ ඇතුළු ඥාතීන් හමුවීමට ගිය යාපනය මහාධිකරණ විනිසුරුවරයා මියගිය සැරයන්වරයාගේ බිරිඳට වැඳ සිද්ධවූ දේ ගැන කණගාටුව පළකිරීම සංවේදී දසුනක් වුණා.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment