කාටත් කලින් විනය පරීක්ෂණ කළ යුත්තේ මෛත්‍රිට



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා කටයුතු කරනු ලබන ශ්‍රී ලනිපයේ මන්ත්‍රිවරුන් පිළිබඳව දැඩි අවධානයකින් තොරතුරු රැස් කරමින් තිබෙන බව ආණ්ඩුවේ ශ්‍රී ලනිප ප්‍රබල
අමාත්‍යවරයකු පැවැසීය.
ඉනික්බිති ගනු ලබන තීන්දු
තීරණ ඉදිරියේදී දැක ගැනීමට හැකි වනු ඇති බවද එම අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරනවා නම් ඊට පළමුව විනය පරීක්ෂණ සිදුකළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව බව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා කීය.

මන්ත්‍රිවරයා  සඳහන් කළේ ශ්‍රී ලනිපයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එජාපයේ මැයි රැලිය ඇතුළු වෙනත් රැස්වීම්වලට සහභාගි වනවිට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැස්වීම්වලට සහභාගිවීම වරදක් නොවන බවයි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැස්වීම් සඳහා ආරාධනා ලැබී ඇති බවද ඊට ඒකාබද්ධයේ සියලුම මන්ත්‍රිවරු සහභාගි වන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

එහිදී ආණ්ඩුවට එරෙහිව දේශන සිදුකරන අතර ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්ව ආණ්ඩුවට එරෙහිව පුළුල් සන්ධානයක් ගොඩ නඟන බවද රණතුංග මහතා වැඩිදුරටත් පැවැසුවේය.

ලක්ෂ්මී ජයකොඩි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment