ගයාත්‍රීගේ පෙම බිඳීයාමෙන් පසු ඇතිවූ අලකලංචිය


ගයාත්‍රීගේ පෙම බිඳීයාමෙන් පසු 
ඇතිවූ අලකලංචිය

ටෙලි නාට්‍ය නිළි ගයාත්‍රී ඩයස් එක්තරා කාන්තාවකගේ පෙම්වතා උදුරාගෙන ඇති බවට එකී කාන්තාව කරන චෝදනා සමාජ ජාල අතර සැරිසරද්දී රූපවාහිනී නාලිකාවක් ඔස්සේ පසුගිය සතියේ ගයාත්‍රී කැළඹුනු සිතින් ඊට උත්තර දුන්නා. එහිදී ඇය එවැන්නක් නොකළ බව පැහැදිලිව කියා සිටියේ නැත.  ‘ඉදිරියේදී ඒක පුවත්පත් ඔස්සේ එලියට එයි සමහර විට මගෙත් එක්ක ළඟින් ඇසුරු කරපු කීප දෙනෙක්ගෙ නම් එලියට එයි.‘ ලෙස කියා තිබුණි.
 ඇය කියූ ලෙසම මෙවර සතිඅන්ත පුවත්පතකට ඇය ඒ සිද්ධිය විස්තරාත්මකව දන්වා තිබුණි.
චන්න පෙරේරාගේ කසාද බිරිය වන දෙදරු මවක වන ගයාත්‍රී මෙම සම්මුඛ සාකච්ඡාවේදී ලබාදී තිබුණ පිළිතුරු විමසීමේදී ඇය ඒ කියන පවුලෙන් දුරස්ව කලක සිටම වෙනත් ලෝකයක සිටින කාන්තාවක බවට මොනවට පැහැදිලි වන අතරම
ඇගේ සිත්වේදනා ඉලක්කවී ඇත්තේ බොරු කතා ගොතන කාන්තාව වෙනුවෙන් නොව ඇය සමග සමීප ඇසුරක් තිබී මේවනවිට ඇය අතැර වෙනත් අයෙකු වෙතගොස් සිටින 2011 මිස්ටර් ශ්‍රී ලංකා වුණ අනුජ් රණසිංහ නමැති නිරුපණ ශීල්පියා කෙරෙහි බවද ඉඟි සපයයි.
එම සාකච්ඡාව පහතින්

• බුකිය රත්කරන තරමට, වෙබ් අඩවි පිස්සු වට්ටන තරමට මොකක්ද ගයාත්‍රි මේ සිද්ධ වුණේ?
කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට දුන්න තෑග්ගක් තමයි මේ විදියට පත්තු වුණේ. ඇත්තක් නම් මගේ වැරැද්දක් කියලා හිත හදා ගන්න පුළුවන්. ඒත් කිසිම පදනමක් නැති බොරු කතාවක් නිසා තමයි වෙච්ච දේ ගැන මට දුක.

• ෆේස් බුක් හරහා ඔබව නැති කරන මේ කාන්තාව කවුද?
මම මේ ගෑණු කෙනාව දැන ගත්තෙ 2015 දී. අනුජ් රණසිංහ කියන නිරූපණ ශිල්පියා, නවක නළුවාගේ නිවසේ පැවති කටින පිංකමේදී. කෑකෝ ගහගෙන
එතනට නොගැලපෙන විදියට හැසිරුණ නිසා මම අනුජ් ගෙන් ඇහුවා ඒ කවුද කියලා. එතකොට අනුජ් කිව්වෙ ජිම් එකේදි අඳුන ගත්ත කෙනෙක් කියලා. එදා මම ඒ පිං කමට සහභාගී වුණේ මගේ කකුළේ ආබාධයක් එක්ක. ඇවිඳින්නත් අපහසුවෙන් හිටියේ. ඒක දැකලා එයා ඇවිත් කතා කළා. මාත් එක්ක මිතුරු වෙන්නයි ඇයට උවමනා වුණේ. කොහොම හරි අන්තිමට මගේ කකුලේ තෙලුත් ගාලා ඇය මාත් එක්ක එදා මිතුරු වුණා.

• ඒ මිතුරු කම කටින පිං කමට සීමා වෙලා නෑ වගේ?
ඔව්. අනුජ්ගෙ යාළුවෙක් නිසා අනුජ්ගෙත් අනුමැතිය මත තමයි මම ඒ යාළුකම පැවැත්තුවේ. ඇය හුඟාක් පිරිමි යාළුවන් ආශ්‍රය කරන, රාත්‍රී සමාජ ශාලාවලට යන එන, අසංවර ඇඳුම් අඳින කෙනෙක්. ඒක එයාගෙ පෞද්ගලිකත්වය නිසා මම ඒක මට අදාල කරගත්තෙ නෑ. මම තනියෙන් යන ගමන් බිමන් වලට ඇය මාත් එක්ක ආවා. ඒ ඇගේ සහ අනුජ්ගෙ කැමැත්ත මත. මම සහභාගී වෙන හුඟාක් උත්සව වලට ඇය මගෙන් එන්නද කියලා අහලා මාත් එක්ක ආවා. පස්සෙ තමයි මම දන්නෙ ඇයට ආරාධනා නැති නිසා ඇය මාව ප්‍රයෝජනයට අරගෙන ඒවාට සහභාගී වෙලා දැන හැඳුනුම් කම් ඇති කර ගත්තා කියලා. ඇයට ඉක්මනින් ඕනෑම කෙනෙක් මිතුරු කරගන්න පුළුවන්. හැබැයි පාන්දර දෙකට තුනට ආවත් කවදාත් ගෙදරට බස්සා ගන්නෙ නෑ. මොරටුව පැත්තෙ ත්‍රීවීල් පාක් එකක් ළඟින් බැහැලා යනවා. ඉන්න තැනක් වත් කවදාවත් පෙන්නලා නෑ.

• ඇය රංගනයට නිරූපනයට සම්බන්ධයිද?
නෑ. ඇයට අවශ්‍ය වුණේ එයට සම්බන්ධ වෙන්න. අපිව සූක්ෂමව පාවිච්චි කළේ ඒකට.

• එතකොට ඇය රැකියාවක් කළාද?
නෑ. දන්න තරමින් නම් නෑ. ඇයට සල්ලි කොහෙන්ද කියලාවත් මම දන්නෙ නෑ.

• අවුරුදු කීපයක් අනුජ් රණසිංහ සහ ඔබ අතර සමීප ඇසුරක් තිබුණා. ඔබ දෙදෙනා එකට ගමන් බිමන් ගියා. එකට මාධ්‍යයේ පෙනී සිටියා. ඔබ අනුජ්ට හොඳ ප්‍රසිද්ධියක් ලබා දුන්නා. දෙන්නා එකතු වෙලා ව්‍යාපාරයක් පවා කළා. දැන් ඒ සම්බන්ධයටත් හෙන වැඳිලද?
ඔව්. අනුජ් දුෂේනි සිල්වා කියන නවක නිළිය එක්ක සම්බන්ධ කමක් පටන් ගත්තා. මම ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. පහුගිය දවසක මම සතියකට කැනඩාවට ගියා. අනුජ් තමයි මාව ගුවන්තොටුපොළට ඇරළුවෙත්. හැබැයි එදායින් පස්සෙ තමයි එයා වෙනස් වුණේ. එයාගෙ අලුත් ප්‍රේම සම්බන්ධයට මගේ යාළුකම බාධාවක් කියලා හිතලා එයාම මගෙන් ඈත් වෙන්න තනියෙන් තීරණය කරලා. වෙනසට හේතුව හොයලා බලන කොට තමයි මටත් ඒක ආරංචි වුණේ.

• ඔබ ඔය කියන්නෙ අනුජ් ගහ උඩට නැඟලා ඉනිමගට පයින් ගැහුවා කියලද?
ඇත්තටම ඔව්. ඒත් මට මගේ පාඩුවෙ ඉන්න දුන්නා නම් මට හිත හදා ගන්න තිබුණා. ඒත් එයා අලුත් පෙම්වතියගෙන් ලකුණු දාගන්න කරන වැඩ නිසා මම අපහසුතාවට, ලැජ්ජාවට පත් වුණා.

• අර කාන්තාව ඔබට චෝදනා කරන්නෙ ඇගේ පෙම්වතා ඔබ උදුරා ගත්තා කියලා. දුක තුනී කර ගන්න ගිහින් ඔබ තවත් උගුලකට අහු වුණාද?
මම ඒ තරම් මෝඩ ගෑණියෙක් නෙමෙයි. අනුජ්ට මගෙන් කරදරයි එයාව බේරා ගන්න කියලා අනුජ් මගේ ළඟට ඔය කියන ගෑණු කෙනයි, දිනේෂ් කියන නිරූපන ශිල්පියාවයි උපක්‍රමශීලීව එවලා තිබුණා.

• ඔබ අනුජ්ට කරදර කලාද?
පිස්සුද?. එයාට මගේ යාළුකමෙන් වැඩක් නැත්නම් ඇයි මම පස්සෙන් යන්නෙ. හැබැයි අනුජ් මට ගියාට පස්සේත් කතා කළා. එයාට දුෂේනිව දැනෙන්නෙ නෑ වගේ කතා කිව්වා. ඒත් මම කිව්වා කරන දේ අවංකව කරන්න කියලා. පස්සේ පස්සේ එයා මට කතා කළෙත් නෑ. අනුජ් මට නිතර කතා කරලා දුෂේනි‍ගේ වැරදි කියනකොට මම දුෂේනිට ඒ ගැන කිව්වා. ඊට පස්සෙ තමයි අනුජ් මාව fbඑකෙන් block කළේ.

• දිනේෂ් කියන නිරූපන ශිල්පියායි අර කාන්තාවයි පෙම්වතුන්ද?
නෑ. දෙන්නම අනුජ්ගෙ යාළුවො විතරයි. අර කාන්තාවගේ පෙම්වතා රුමේෂ් අටළුගම. රුමේෂ් කියන්නේ අවුරුදු 22ක අලුතින් ක්ෂේත්‍රයට ආව මල්ලි කෙනෙක්. මේ කාන්තාව කියන්නෙ එයාට අවුරුදු 24යි කියලා. ඒත් එයා අවුරුදු 40ත් පැනපු දරුවෙක් ඉන්න කෙනෙක් කියලයි ආරංචි. මේවා අපෙන් වගේම රුමේෂ්ගෙනුත් හංගලායි සම්බන්ධකම පවත්වලා තියෙන්නේ. කොහොම හරි රුමේෂ් මේ සම්බන්ධකම
නතර කරන්න උත්සාහ කළා. ඒ නිසා වියරු වැටුණ මේ කාන්තාව මාවත් මේකට ගාව ගන්න උත්සාහ කරනවා.

• කාන්තාව කියන්නෙ දිනේෂ් කියන එයාගෙ පෙම්වතාව ඔබ උදුරා ගත්තා කියලානේ. මේක හරි හතර බීරි කතාවක්නේ?
ඔය කතාව මුලින්ම හැඳුවෙ අනුජ්. අනුජ්ම එයාගෙ උදව්වට මගේ ලඟට එවපු කෙනා මාත් එක්ක සම්බන්ධකමක් ඇති කරගෙන කියලා තැන තැන කියලා තියනවා. මට ඒවාත් ආරංචි වුණා. මම දිනේෂ් එක්ක සම්බන්ධ කමක් නෑ වගේම අර කාන්තාවගේ පෙම්වතාත් දිනේෂ් නෙමෙයි. ඇගේ පෙම්වතා රුමේෂ්.

• එතකොට වෙබ් අඩවි වල පලවුණ පිංතූරය?
ඒකෙ සැබෑ පිංතූරය මගේ ළඟ තියනවා. ඒ පිංතූරයේ ඉන්නේ රුමේෂ්, දිනේෂ්, මම සහ අදාල කාන්තාව. වෙන්නප්පුවෙ තිබුණ මැච් එකක් බලන්න ඇවිත් තමයි ඒ පිංතූරය ගත්තේ. මම කළින් ගිහින් තිබුණා. රුමේෂ්, දිනේෂ් සහ අර කාන්තාව පස්සෙ ආවෙ. මම මයි ඒ තුන්දෙනාට එන්න කිව්වෙ. ඔය ඒ වෙලාවෙ ගත්ත පිංතූරයක්. ඒක එඩිට් කරලා තමයි අර කාන්තාව මට මඩ ගහන්නේ. එඩිට් කරපු පිංතූරයේ රුමේෂ් නෑ.

• අර කාන්තාව ඔබේ මුහුණට තුවාල වුණු අතිශය පෞද්ගලික පිංතූර පවා ෆේස්බුක් ගිණුමට දාලා තිබුණා?
ඔව්. ඇය මාත් එක්ක මිතුරුව ඉන්න කාලේ මම මගේ අතිශය පෞද්ගලික පිංතූර ඇයට යැව්වා. ඒ ඇය මගේ මිතුරියක් කියලා හිතපු නිසා. දැන් ඇය ඒ පිංතූර වලින්ම මට මඩ ගහනවා.

• මේ ගැන අනුජ්ට කිව්වෙ නැද්ද?
ඔහු මගේ දුරකතනයට පිළිතුරු දෙන්නෙ නැති නිසා මම දිනේෂ් ලව්වාම එයාට කිව්වා මේවා නතර කරවන්න කියලා. නැත්නම් මට මේ පිංතූර වල නිධාන කතාව කියන්න වෙනවා කියලා. ඔහු ඒකට ඇල්මැරුණ උත්තරයක් දුන්නට අර කාන්තාවට කියලා පිංතූර ටික අයින් කරලා තිබුණා. හැබැයි ඒ කාන්තාව තමන්ගෙ මෝඩ කමට “විශේෂ ඉල්ලීමක් නිසා අදට ගුටි කාපු පිංතූර අයින් කළා ගොසිප් වලින් බලාපොරොත්තු වෙන්න” කියලා පෝස්ට් එකක් දාලා තිබුණා. ඒ විතරක් නෙමෙයි මේ පලහිලව්ව වෙද්දි අනුජ් මට කතා කරලා මොකද මේ වෙන්නෙ කියලා ඇහුවා. මම කිව්වා ඔහුට අර කාන්තාවට මට බොරුවට චෝදනා කරන්න එපා කියන්න කියලා. ඒත් ඔහු ඒක එයාල අදාලා නෑ කියලා මඟඇරියා.

• අර කාන්තාව මෙහෙයවන ඔබට මඩ ගැසීමේ ව්‍යාපාරයට අනුජ් සම්බන්ධයි කියලා කොහොමද හරියටම කියන්නේ?
මමත් මුලදි එහෙම හිතුවෙ නෑ. ඒත් අනුජ් අර කාන්තාවගෙ post වලට දාන කමෙන්ට් වලින් මම ඒක තහවුරු කර ගත්තා. අනුජ් මේකට සෘජුවම සම්බන්ධ නැති වුණත් වක්‍රව හරි සම්බන්ධයි. මටත් මේවා හොඳ පාඩම් හිතවත් වුණාම සීමාවක් නැතුව මම උදව් කරනවා. අවංක වෙනවා. අඩු තරමෙ ඒ අයගෙ තත්ත්වය තරාතිරම ගැනවත් බැලුවෙ නෑ. එහෙම කළා නම් අර කාන්තාව වගේම අනුජ් මගේ මිත්‍රත්වය බිල්ලට තියන්නෙ නෑ.

• බල්ලොත් එක්ක ලැඟ්ගහම මැක්කොත් එක්කයි නැඟිටින්න වෙන්නේ?
ඒ බව දැන දැනම මම බල්ලොත් එක්ක ලැඟපු එකයි දුක.

• ගයාත්‍රිව චන්න ගෙදරින් එළවලා කියලාත් ඇය ප්‍රචාරය හරිනවා. ඒ ප්‍රශ්නය දැන් ගයාත්‍රිගේ ගේ ඇතුලටත් රිංගලා?
ඔව්. මේ හැමෝම උත්සාහ කළා මගේ ගේ ඇතුලෙත් ප්‍රශ්න ඇති කරන්න. ඒත් වාසනාවකට එහෙම කරන්න බැරි වුණා. තාමත් මම ඉන්නෙ අපේ ගෙදර චන්න අයියායි දරුවො දෙන්නයි එක්ක.

• චන්න මේ ප්‍රශ්න ගැන දන්නවද?
එයා බොහොම වැදගත් විදියට ඉන්න කෙනෙක්. එයා ගොසිප් බලන්නෙ නෑ. එයාට ඊට වඩා වැඩ තියනවා. තාමත් එයා මගෙන් මේ ගැන වචනයක් ඇහුවෙ නෑ. මේ දවස් වල අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් නිසා චන්න අයියා ඉන්නෙ මස්කෙළියේ. දරුවන්ටයි මටයි නිවාඩුවකට එන්නත් කිව්වා. ලබන සතියේ දවසක අපි චන්න අයියා ළඟට යනවා.

• ගයාත්‍රි විදෙස් ගතවෙන්නෙ කවදාද?
දරුවන්ගෙ අධ්‍යාපනය නිසානේ විදෙස් ගත වෙන්නෙ. ඒකත් මේ අවුරුද්දෙ අග හෝ ලබන අවුරුද්දෙ මුල වෙයි.

හිමේෂා සවන්ති රාජපක්ෂ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment