ගූගල් ලූන් වෙනුවෙන් කෝටියක් ජනතා මුදල් අපතේ ගිහින්


ගූගල් ලූන් වෙනුවෙන් 
කෝටියක් ජනතා මුදල් අපතේ ගිහින්

නොමිලේ රටටම වයිෆයි දෙන බවට ප්‍රචාරය කෙරී බැලුම් කඩාවැටීමත් සමග අවසන්වූ අසාර්ථක ගූගල් ලූන් ව්‍යාපෘතිය වෙනුවෙන් ‘සත පහක් ජනතා මුදල් වැය නොවූ‘ බවට ඇමති හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් සිරස නිවුස් ෆර්ස්ට් වාර්තාවක් පළ කර තිබේ. එහි සඳහන් වන ආකාරයට ගූගල් ලූන් මුවාවෙන් රාමා නමැති සමාගමක් ආරම්භ කර ජාතික සම්පතක් වන විකාශන සංඛ්‍යාත ලබා ගැනීමේ උත්සාහයක් තිබී ඇත.
මේ ව්‍යාපෘතිය දියත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට අරලියගහ මන්දිරයේ ශාලාව ලබා ගැනීමට රුපියල් 450,000ක්ද


සිංහල සහ දෙමළ භාෂාවෙන් වීඩියෝ දර්ශන නිෂ්පාදනය සඳහා රුපියල් විසි අට ලක්ෂ තිස් දහස් පන්සියයක් පෞද්ගලික නිෂ්පාදන සමාගමකට ගෙවීමක්ද
කෙටි චිත්‍රපට 3ක් නිපදවීම සඳහා තව ත් ලක්ෂ 35ක් වය කිරිමක්ද
අයි. සී. ටී. ඒ ආයතනය පිළිබඳව වීඩියෝ පටයක් නිපදවීම සඳහා තවත් රුපියල් 934,065ක් වැය කිරීමක්ද
උත්සව අවස්ථාව සම්බන්ධීකරණය කිරීම සඳහා තවත් පෞද්ගලික සමාගමකට රුපියල් 2,157,973.20 ද එකතුව රුපියල් 9,872,538.20 මහජන මුදල් වැය කර ඇති බව එහි සඳහන් වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment