සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් තුළට ඇද වැටීමෙන් තිදරු පියා මරුට


මීගොඩ දාම්පේ බටහිර හොරගල ප්‍රදේශයේ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනු ලබන කර්මාන්තශාලාවක සේවකයකු එහි ක්‍රියාත්මකව තිබූ සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් තුළට වැටීමෙන් බරපතළ තත්ත්වයෙන්
හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයා වසර තුනකට අධික කාලයක සිට එම කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති බවත් මිය යෑමට සති කිහිපයකට පෙර ඩෙංගු රෝගය වැලඳී සිට ප්‍රතිකාර ලබා සේවයට පැමිණ ඇති බවත්
සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බැවින් රෝගී තත්ත්වයක් මත මෙම අනතුර සිදුවුණාද නැතහොත් අදාළ මිශ්‍රණ යන්ත්‍රය තිබූ ස්ථානයේ පැවැති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් සිදු වූ අනතුරක්ද යන්න වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවද පාදුක්ක පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ පාදුක්ක බටහිර හොරගල ප්‍රදේශයේ පදිංචි චමින්ද නාලක පෙරේරා නමැති 40 හැවිරිදි තිදරු පියෙකි.
අනතුර සිදුවූ ස්ථානයට පැමිණි හෝමාගම වැඩ බලන මහෙස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා විසින් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කළ අතර හෝමාගම මූලික රෝහලේ තිබූ මිය ගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දකුණු කොළඹ මහ රෝහල වෙත යැවීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි.
පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ. ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් ආටිගල මහතා පරීක්ෂණ පැවැත්විය.

පනාගොඩ - චම්පා ජීවන්ති
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment