පත්තරේ දැන්වීම් දමා දරුවන්ට බලන්න අඬගහන අසනීප වූ පියා



පත්තරේ දැන්වීම් දමා දරුවන්ට බලන්න අඬගහන
අසනීප වූ පියා

ඊයේ (24) ලංකාදීප පුවත්පතේ පළවූ එක්තරා වෙළෙඳ දැන්වීමක් මේ කාලයේ සමාජය ගැන කලකිරිමක් ඇති කරවන අනුවේදනීය පුවතක් ගෙන ඇවිත් තිබුණි.
අසනීප වූ පියෙකු තමා බලන්නට දරුවන් නොපැමිණි නිසා ඒ බව දන්වන්නට වෙනත් ක්‍රමයක් නැතියෙන්
පුවත්පතට මුදල් ගෙවා
දැන්වීමක් පළකර තිබේ. මෙම සංසිද්ධිය යට සැඟවුණ කරුණු කාරණා මොනවාදැයි වැඩිදුර විස්තර නොවුණත් පියෙකුට එවන් දෙයක් කරන්නට සිදුවන තරමට පුතුන් අහක බලා තිබීම කණගාටුවට කාරණාවකි. මුදල් පසුපස දුවන ගුණදහම් අමතක වුණ නූතන පරම්පරාව ගැන ගැඹුරු අදහසක් එම කෙටි දැන්වීමෙන් ලොවට පවසා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment