ලංකාවට පැමිණි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට උණ


ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් දරුණු ලෙස උණ රෝගයන් පෙළුණු අතර මේ වන විටත් ඔහුගේ තත්ත්වය සතුටුදායක මට්ටමකට නොමැති බැවින් හෙට (26දා) ගාල්ලේදී ඇරැඹෙන ප්‍රථම
ටෙස්ට් තරගය සඳහා
ඔහු සහභාගි නොවන බව වාර්තා වේ. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් කටයුතු සඳහා පසුගිය ඉරිදා (23දා) ගාල්ල බලා පිටත්ව ගිය අතර රාහුල්ගේ අසනීප තත්ත්වය තවදුරටත් නිරීක්ෂණ මට්ටමෙන් පැවැති නිසා ඔහුට එදින කණ්ඩායම සමඟ ගාල්ලට යෑමට නොහැකි වී ඇත.

ඒ අනුව ඊයේ ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දීය කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු රාහුල්ට මඟහැරුණු අතර ඔහුගේ රෝගී තත්ත්වයට අදාළව පැවැති පරීක්ෂණ වාර්තා යහපත් වූ බැවින් රාහුල් ඊයේ සවස ගාල්ල බලා පිටත්ව ගොස් ඉන්දීය කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව තිබිණි.

පසුගිය මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැති ටෙස්ට් තරගාවලියේදී ආබාධයක් සහිතවද ක්‍රීඩා කරමින් රාහුල්  තරගාවලියේ තුන්වැනියාට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වූ අයෙකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment