පාසල් කාලය අවුරුද්දක් අඩු කරන්න තීරණයක් නෑ - ඇමති අකිල


පසුගිය සතියේ ජාතික පුවත්පතක දැක්වූණ වාර්තාවකින් කියැවුණ පරිදි පාසල් යන අවුරුදු ගණන වසරකින්
අඩුකිරීමට රජයේ
තීරණයක් ගෙන නැති බව ඇමති අකිල විරාජ් කාරියවසම් දන්වා සිටී. මෙය අධ්‍යාපන කොමිසමක යෝජනාවකත් වුවත් එවන් තීරණයක් ගන්නට රජයේ අදහසක් නැති බවද හෙතෙම අවධාරණය කර සිටියේය.
කෙසේ වෙතත් දැනට සාමාන්‍ය පෙළ විභාග හා උසස් පෙළ විභාග පවත්වන මාස අගෝස්තු හා දෙසැම්බර් වීම මත සාමාන්‍යෙපළ සිට උසස් පෙළට පිවිසීමේදී කාලය අපතේයාමක් සිදුවන බැවින් තනි කාල සීමාවකට ගෙන ඒමෙන් උසස් අධ්‍යාපන කටයුතු මාස කිහිපයක් අඩුවෙන් හමාර කිරීමේ වාසියක් ඇති කළ හැකි බවත් ඒ ගැන පහසුකම් ඇති කිරීමේ ක්‍රමවේදයක් සකසා ලබන වසරේ සිට දෙසැම්බර් මාසයට විභාග දෙකම ගෙන ඒමේ සූදානමක් පවතින බව ඇමතිවරයා දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment