හරිම අමාරුවෙන් ණය ගෙවාගෙන ජීවිතේ ගෙවෙනවා - රොෂාන් රවීන්ද්‍ර


කලකින් සිනමාවේ දකින්නට නොලැබුණ සම්මානනීය නළු රොෂාන් රවීන්ද්‍ර සතිඅන්ත පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පවසා තිබේ.



රොෂන්ට එදා තිබුණ ජනතා ආකර්ෂණය තවම තියනවද?
එහි වෙනසක් මට දැනිල නෑ. දැනටත් මට හමුවුණ ප්‍රේක්ෂකයො ගොඩක් කියන්නෙ නිර්මාණ ඛීපයකට දායක වුණත් ඒවා බලන්න පුළුවන් හොඳ නිර්මාණ කියල.


වර්තමාන ටෙලි නාට්‍ය කලාව ගැන මොකද හිතන්නෙ?
වර්තමානයේ ටෙලි නාට්‍ය කලාවක් නෑ. බොහොම කලාතුරකින් කීප දෙනෙක් ඒක කරන්න උත්සාහ කරනවා.

කලා ක්ෂේත්‍රයට ඇවිල්ල කොච්චර කල්ද?
දැන් අවුරුදු 20 කට ළඟයි

ඒ ගමන ගැන මොකද හිතන්නෙ?
මේ ආපු ගමන ගැන හරි කලකිරීමකින් ඉන්නෙ මොකද හේතුව ඇත්තටම අපිට ඉදිරියක් පේන්නෙ නෑ. මෙහි වර්ධනයක් නෑ. දේශපාලන පක්ෂ භේදයකින් තොරව මම කථා කරන්නෙ.අපි ගැන මීට වඩා සැලකිය යුතු වගකිව යුතු මිනිස්සු විදිහට හිතන්න ඕනෑ.

මේ හැමදේමත් එක්ක ගෙවෙන ජීවිතේ කොහොමද?
හරිම ආමාරුවෙන් ජීවිතේ ගෙවෙනවා. බොහොම අමාරුවෙන් ඇතුළෙ කචල් කරගන්නෙ නැතිව ගෙවෙන්නෙ රටේ ණය වගේම තනි තනියෙන් ණය මුදල වැඩි කරගනිමින් ණටබර වැඩි කරගනිමින් ජීවිතේ ගැටගහගන්නවා.

සටහන - ධනු විජේරත්න (සඳැල්ල)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment