වෛද්‍ය සභා මුල් පුටුවට කාලෝ වෙනුවට පාලිත


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඉවත්ව යාමෙන් පසු ඒ සඳහා වෛද්‍ය පාලිත අබේකෝන් මහතා තෝරා පත් කරගෙන ඇත.
ඔහු ප්‍රජා

සෞඛ්‍ය විශේෂඥයෙකු වන අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන කටයුතුවලටද සම්බන්ධව සිට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයෙකු ලෙසද කටයුතු කළ අයෙකි.
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඔහුගේ පත්වීමට එකඟතාව පළ කර තිබෙන බව වාර්තා විය.
මින් ඉහත මෙම පුටුව සඳහා මහාචාර්ය කොල්වින් ගුණරත්නගේ නමද මහාචාර්ය ලලිතා මෙන්ඩිස්ගේ නමද යෝජනා වී තිබුණි.
Share on Google Plus

About Nayomi Kumari

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment