කාන්තා ලෝක කුසලාන Finals -ජයග්‍රහණය පෙනි පෙනී ඉන්දියාව එංගලන්තයට පරදී

ඉන්දියාව පරදවා 2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට
එංගලන්තය ඊයේ (23) රාත්‍රියේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී සමත් විය.
එංගලන්තය මෙම තරගය ජයගත්තේ තියුනු ලෙස කඩුළු බිඳදමා ඉන්දීය පිල දුබල කර ලකුණු 09කිනි.
ඉතිහාසයේ පළමු වරට කාන්තා ලෝක කුසලානයක් දිනා ගැනීමේ අවස්ථාව දෙවන වරටත් ඉන්දියාවට අහිමිවූයේ අවසන් මොහොතේය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු  07කට ලකුණු 228ක් ලබාගත් අතර පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඉන්දියාවට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 219ක් පමණි.

43 වන පන්දුවාරය වනවිට ඉන්දියාව කඩුලු  03කට ලකුණු 191ක් රැස් කර ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණ තිබුණත් අවසන් කඩුලු  07, පන්දුවාර 06ක් තුළ ලකුණු 28කට බිඳ වැටීම එංගලන්ත කාන්තා කණ්ඩායමේ ජයග්‍රයෂයට හේතු විය.
 1973, 1993 සහ 2009 වන වසරවලදීත් එංගලන්තය කාන්තා ලෝක කුසලාන දිනා තිබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment