ජ්‍යෙෂ්ඨ නි. පොලිස්‌පති ලලිත් ජයසිංහ Interdicted

යාපනය පුංගුඩුතිව්හි සිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ස්‌විස්‌ කුමාර්ට පැන යැමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත්
ජයසිංහ මහතාගේ
සේවය අත්හිටුවීමට ජාතික පොලිස්‌ කොමිෂන් සභාව ඊයේ (20 දා) තීරණය කර තිබේ.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස්‌ කොමිසම වෙත කරන ලද නිර්දේශයක්‌ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ජාතික පොලිස්‌ කොමිසමේ ලේකම්වරයා පැවසීය.

විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්‌විස්‌ කුමාර් යාපනය පොලිසියට භාරදීමෙන් පසුව ඔහුට පැනයැමට ආධාර දීමේ චෝදනාව යටතේ ඉකුත් සතියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.
Share on Google Plus

About Nayomi Kumari

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment