ඉන්දීය කණ්ඩායම දිවයිනට (Video)


ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ 20 - 20 තරගයක් සඳහා සහභාගීවීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත‍්‍රි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ලංකාවට
පැමිණියා.16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට මෙවර නායකත්වය ලබා දෙන්නේ විරාත් කෝලි. අජින්කේ රහනේ ඉන්දීය කණ්ඩායමේ උප නායකත්වය දරනවා.

රවිචන්ද්‍රන් අෂ්වින්, රවීන්ද්‍ර ජඬේජා, බුවනේෂ්වර් කුමාර්, අභිනව් මුකුන්, චිතෂ්වර් පුජාරා, විඩි‍්‍රමහන් සාහා, රෝහිත් ෂර්මා, කුල්දික් යාදෙව්, මොහොමඞ් සාමි, හර්දික් පාන්ඩ්‍යා, කේ.එල් රාවුල්, ඉෂාන්ත් ෂර්මා , උමේෂ් යාදෙව් හා ෂිකර් ධවාන් මෙවර ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරනවා. ෂිකර් ධවාන් කණ්ඩායමට කැඳවනු ලැබුවේ මුරලි විජේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

එමෙන්ම රවි ශාස්ත‍්‍රි නව ඉන්දීය පුහුණුකරු තනතුරට පත්වීමෙන් පසුව සහභාගී වන පළමු සංචාරය මෙයයි.
 දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා ගාල්ලෙදී ආරම්භ වීමට නියමිතයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment