හොර ඔප්පු හදා ‍කොළඹ වටිනා ඉඩම් විකුණන ජාවාරමක් හසුවේ


හොර ඔප්පු හදා ‍
කොළඹ වටිනා ඉඩම් විකුණන
ජාවාරමක් හසුවේ


කොළඹ වංචා විමර්ශණ කොට්ඨාශයේ පොලිස් අධි කාරි රොහාන් ප්‍රේමරත්න මහතා ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණ මෙහෙයුමකින් මෙම දැවැන්ත ඉඩම් වංචාජාලයේ සුළ මුළ සොයා ගනිමින් එම ජාවාරමට සම්බන්ධ එම සැකකරුවන් අට දෙනා සමග ඔවුන් විසින් මේ වන විට හොරට විකුණා ඇතැයි සැක කරන ඉඩම් පනහකට අධික සංඛ්‍යාවක ඔප්පු සහ ඒවා සකස් කිරීමට ගන්නා උපකරණ ඇතුලු දෑ සොයා ගැනිමට හැකි වී ඇත්තේ කොළඹ ඩේසි විලා ප්‍රදේශයේ
රුපියල් කෝටි අටකට වඩා වැඩි වටිනාකමකින් යුත් ඉඩමකට හොර ඔප්පු තනා විකිණීමට ගිය අවස්ථාවේය.

මෙම ඉඩමට පමණක් ජාවාරම්කරු විසින් ව්‍යාජ ඔප්පු තුනක් තනා ඇති බවද අනාවරණය වෙයි.

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම ජාවාරමේ ප්‍රධාන සැළසුම්කරුවන හමුදා කපිතාන්වරයා සෙසු සැකකරැවන් සමග එක්ව මෙසේ විවිධ ප්‍රදේශවල පිහිටි ඉඩම් පනහකට වඩා වැඩි ප්‍රමාණයක් විකුණා ඇතැයි ඔහු සතුව සහ ඔහු‍ගේ ගෝලයකුගේ මෝටර් රථය පුරවා තිබූ ඔප්පු විශාල ප්‍රමාණයක් ද සොයා ගෙන ඇත.


ඔප්පු සෑදීමට ගන්නා විශේෂ කඩදාසි වර්ගයක බන්ඩල් කිහිපයක් ද එම ඉඩම් වල ට අදාළ විස්තර ඇතුළත් පරිගණක විස්තර , එම ඔප්පු තැනීම සිදුකරන පරිගණක ඔප්පු ලියාපදිංචියට ගන්නා මුද්දර, සහ තවත් ඒ හා සම්බන්ධ තොරතුරු රැසක්ද මෙම සැකකරුගේ නිවසේ තිබි පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

තවද මෙම සැකකරුගේ ඉඩම් ජාවාරමේ ඉඩම් සෙවීම, ඒවාට අදාල නියමිත ඔප්පු සොයාගැනිම, ඒවා විකිණිමට පුද්ගලයන් සෙවීම, ඉඩම් විකිණීම, මුදල් බාර ගැනීම, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගොස් එම ඉඩම් ලියා පදිංචියට අදාල කටයුතු කිරිම, ඇතුලු සියලු කටයුතු සිදු කරන්නේ ඔහුගේ මෙම ව්‍යාජ ඉඩම් ව්‍යාපාරයට සම්බන්ධ සෙසු සැකකරුවන් විසින් බවද අනාවරණය වි තිබේ.

කොළඹ ඩේසිවිලා ප්‍රදේශයේ ඉඩමට ව්‍යාජ ඔප්පුවක් සකස් කර එම ඉඩම එහි නියම හිමිකරු විසින් ‍රුපියල් කෝටි එක හමාරක් වැනි මුදලකට විකුණා ඇති බවට ව්‍යාජ ඔප්පුවක් තනා එය ලියාපදිංචියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයා එතරම් වටිනා දේපලක් මෙතරම් අඩු මුදලකට විකිණීම ගැන සැක සිතා එම ඉඩම ලියාපදිංචි නොකර තබා සොයා බැලිමේදි එම ඉඩම ඊට පෙර .තවත් දෙවරක් විකුණා ඇති බවත්

ඒවා පත්ඉරුවල ට ඇතුළත්වී ඇති බවත් අනාවරණය වී ඇත.

අනතුරුව එම ඉඩම සහ නිවෙස හිමි කරු විසින් කොළඹ වංචා විමර්ශණයට පැමිණිලි කර ඇත.

එතැන් සිට වංචා විමර්ශණ කොට්ඨාශව සිදු කළ පරීක්ෂණවලදී මෙම ඉඩම් ජාවාරමේ සුළ මුළත් ඔවුන් විසින් සිදු කර ඇති එම මහා පරිමාණ ජාවාරමේ සෙසු සියලු තොරතුරුත් අනාවරණය කර ගෙන ඇත.

මෙම ජාවාරමේ සෙසු සැකකරුවන් වව්නියාව, යාපනය කොළඹ, වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම ප්‍රධාන ජාවාරම්කරුගේ බිරිඳ මහනුවර කච්චේරියේ සේවය කරන බවද පැවසේ. මොහු විසින් මීට පෙර වෙනත් ඉඩම්වලට ව්‍යාජ ඔප්පු තනාා විකිණීම සම්බන්ධයෙන් අධිකරණ කිහිපයක නඩු කිහිපයක් ඇති බවද පැවසේ.

නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ වංචා විමර්ශණ අංශයේ උප පොලිස් පරීක්ෂක වරුන් වන කස්තුරිසිංහ, සමන් නිශාන්ත, සහ දිනේශ් චන්ද්‍රසිරි, පොලිස් කොස්තාපල්වරුන්වන 88680 සිසිර, 79162 රුවන්, සහ 38631 ප්‍රියදර්ශණ යන මහත්වරුද මෙම වැටලීමට සහභාගි වූහ.

සැකකරුවන් ‍ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි

විජයානි එදිරිසිංහ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment