රට පුරා රන්බඩු වෙළඳසල්වලට 'ගේම්දුන්' මුස්ලිම් පවුල දැලේ

පවුලේ ගෘහ මූලිකයා (පියා) තම බිරිඳ දුව සහ පුතා ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ එක්‌වී දිවයින පුරා ඇති රන් අබරණ වෙළෙඳසල්වලින් රුපියල් ලක්‍ෂ ගණනාවක්‌ වටිනා රන් අබරණ සොරකම්කර විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක්‌ නිරත පිරිසක්‌ කොටු කර ගැනීමට කොච්චිකඩේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මහින්ද ගුණසේන මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීහු 31 දා සමත්වූහ.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ ඔවුන් විසින් කොච්චිකඩේ රන්අබරණ අලෙවි හලකින් (31 දා) සොරාගත් රුපියල් ලක්‍ෂ අටකට වඩා වටිනා රන්අබරණ තම නිවස තුළ සඟවා තිබියදී සොයාගෙන ඇත.
මෙම සංවිධානාත්මක ජාවාරම සම්බන්ධයෙන් සැකපිට සොරාගත් රන් අබරණ සමඟ අත්අඩංගුවට ගෙන
ඇත්තේ කොළඹ - 14 ග්‍රෑන්ඩ්පාස්‌ ඩිමෙල්වත්තේ අංක 132/294 හි පදිංචි මොහොමඩ් මසිඩ් මොහොමඩ් රසාක්‌ (56) පියා, මොහොමඩ් පාරුක්‌ පාතිමා ෂර්මිලා (34) මව, අබ්දුල් කරීම් කලෙමන්ට්‌ සහෝදරයා (30) සහ එම පවුලේ බාල දියණිය වන මොහොමඩ් රසාක්‌ පාතිමා සේයිනා (14) නමැත්තන්ය.
මේ පිළිබඳව මූලික පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ කොච්චිකඩේ විශාල රන් අබරණ හලකින් රුපියල් ලක්‍ෂ 8 කට වඩා වටිනා රන්අබරණ තොගයක්‌ (31 දා) අතුරුදන්ව ඇති බවට කොච්චිකඩේ පොලිසියට පැමිණිලි ලැබී ඇත.
ඒ අනුව එහි විමර්ශන කටයුතු මෙහෙයවූ කොච්චිකඩේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති මහින්ද ගුණරත්න මහතා විසින් පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇතත් ඒ පිළිබඳව කිසිම තොරතුරක්‌ දැන ගැනීමට නොහැකි වී ඇත.
පසුව රන් අබරණ අලෙවිහලේ සහ අවට වෙළෙඳසල්වල සවිකර තිබූ සී. සී. ටී. වී. ආරක්‍ෂිත කැමරා පරීක්‍ෂා කිරීමේදී අයෙකු දිවවිත් ත්‍රිරෝද රථයකින් පළායන දර්ශන හමුවී ඇත.
එහිදී එම ත්‍රිරෝද රථයේ අංකය සොයාගෙන පරීක්‍ෂා කිරීමේදී කොළඹ 14 ඩිමෙලවත්තේ පදිංචි සැකකරුවන් පිරිස සහ ඔවුන් විසින් සොරකමට යොදාගත් ත්‍රිරෝද රථය හමුවී ඇත. පසුව තවදුරටත් එම නිවස පරික්‍ෂා කිරීමේ දී කොච්චිකඩේ රන් අබරණ හලෙන් සොරාගත් රුපියල් ලක්‍ෂ 8 කට අධික වටිනා රන් අබරණ සහිත පෙට්‌ටිය සොයාගෙන ඇත. මෙම වැටලීම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අනුර ද සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරී රෝහණ ගමගේ සහ කොච්චිකඩේ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ධර්මකීර්ති යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මහින්ද ගුණසේන මහතා විමර්ශන කටයුතු මෙහෙයවීය.
එම අවස්‌ථාවට සැරයන් (33544) කරුණාරත්න, පො. කො. (40290) රුවන්, (38371) සුනිල්, පො. කො. (81501) සඳරුවන් සහ පො. කො. (82086) මැද්දකුටිය යන නිලධාරීහු සහභාගි වූහ.
හඳුනාගැනීමේ පෙරෙට්‌ටුව අගෝස්‌තු මස 6 වෙනි දින පැවැත්වේ.

මීගමුව විමල් කීර්ති
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment