වැදලා කියන්නම්, එජාපයට වාසි වෙන කතා කියන්න එපා!

Dilan_P

 එක්සත් ඡාතික පක්ෂයට වාසි වෙන ආකාරයේ වචන පාවිච්චි කිරිම නවත්වා ගැනිම සඳහා ක්‍රියාකරන ලෙස සන්ධාන මහලේකම් මහින්ද අමරවිර මහතාගෙන් දොහොත් මුදුන් දී වැද වැටෙමින් ඉල්ලා සිටින බව රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

අද(20) බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරින්ගේ සමුළුව අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“ලේකම්තුමනි වැඳලා කියන්නම් ඔබතුමා මහ ලේකම් නිසා මම මේවා කියන්නේ.මහ කේලම්ලාට කියන්න යන්නේ නැහැ.මහ ලේකම්ට කියන්නේ ඒක මම කියන්නම ඕන.කවුරු තරහා උනත් කියන්න ඕන.මම වැඩිය කතා කරන්න යන්නේ නෑ.මම කතා කරන්න කතා කරන්න වෙන්නේ මට විනය පරික්ෂණ ලැයිස්තුවේ චෝදනා වැඩි වෙන එක යි,"

“මේ දවස්වල දුමින්ද මහත්තයත් වැඩිය කතා කරන්නේ නැහැ වගේ .ඔබතුමාත් ඉස්සර වගේ යාලු නැහැ දැන්.දැක්කත් අහක බලාගෙන වගේ යන්නේ.මට දැන් පිහිටට ඉන්නේ නිමල් සිරිපාල මහත්තයයි චාමර මහත්තයයි විතරයි.ලක්ෂ්මන් මහත්තයත් ඒ තරම් මේ දවස්වල වැඩිය බලන්නේ එහෙම නැහැ. ඒ නිසා මම දිර්ඝව කතා කලොත් වෙන්නේ තව තව මේක වැඩි වෙලා නිමල් සිරිපාල ඇමතිතුමාට මම වෙනුවෙන් සල්ලි නැතුව පෙරකදොරු වැඩේ කරන්න වෙනවා පක්ෂයේ නායක තුමා ළඟ “

“මම කතා කරන්න නැගිටලා එනකොට මම දැක්කා මහින්ද අමරවීර ඇමතිතුමාගේ මුහුණ ඇඹුල් වෙනවා. එතුමා කැමති නැහැ මම එතුමා ඉන්න වේදිකා වල කතා පවත්වනවට. එතුමා බයයි. මගේ කටින් මොනා හරි එහාට මෙහාට කැපෙන එකක් විසි වෙයි කියලා. නිමල් සිරිපාල ඇමතිතුමා කිව්වා අපිට ඒක එක සිහින තියෙනවා කියලා. අගමැති සිහින ,ඡනාධිපති සිහින ,ඇමති සිහින.  “ඔහු පවසා සිටියා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment