ළඟදීම පොලිස් කාකි ඇඳුම නිල් වෙයි



කාකි ඇඳුම වෙනුවට නිල් පැහැති ඇඳුමක්‌ පොලීසියට අවශ්‍ය බව තමාට හැඟීගියේ අද කාකි ඇඳුම් සෑම තැනම බහුලව දකින්නට ලැබෙන නිසා බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
මෙම කාකි ඇඳුම

පොලීසියට පමණක්‌ නොව විවිධ රැකියා සඳහා ද යොදා ගැනීම නිසා අප්‍රසන්න තත්ත්වයක්‌ දකින්නට ඇති බවත් ලබන වසර ඇතුළත පොලිස්‌ නිල ඇඳුම කාකි වෙනුවට නිල් පැහැයක්‌ ගන්නා බවත් ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් පොලිස්‌පතිවරයා මේ බව සඳහන් කර තිබේ‍ෙ
මෙම නිල් පැහැ නිල ඇඳුම් සැකසීම සඳහා අදාළ ආයතනවලින් අද හෙටම ටෙන්ඩර් කැඳවන බව ද පොලිස්‌පතිවරයා දන්වා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment