ප්‍රමුඛතා මංතීරු ක්‍රමය සාර්ථකයි- කොටන බස් නැතිවෙයි - ගැමුණු විඡේරත්න

කොළඹ නගරයේ 15 දා සිට ආරම්භ කරනු ලැබූ බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ඉතා සාර්ථක බවත්, එම මංතීරුවල ධාවනය කිරීම සඳහා වායුසමනය කරන ලද සහ විදුලි බලයෙන් ක්‍රියාකරන නව බස්‌ රථ 1000 ක්‌
ධාවනයට එක්‌කරන
බවත් ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පැවැසීය.

මෙම නව මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමග ඉදිරි දිනවලදී ගෙන්වීමට අපේක්‍ෂිත බස්‌ රථවලින් කිහිපයක්‌ ධාවනය කිරීමට තම සංගමය අදහස්‌ කර තිබෙන බවද ඒ මහතා කීය.

මෙම ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමග මෙතෙක්‌ කල් "කොට කොටා" ගිය බස්‌ රථවලටද මගීන් රැගෙන කඩිනමින් මංතීරුව අවහිර නොවන ලෙස ධාවනය කිරීමට සිදුවන නිසා මගීන් වැඩි පිරිසක්‌ නැවත බස්‌ රථ සඳහා එක්‌කර ගත හැකි බවද විඡේරත්න මහතා කීය. විශේෂයෙන් කාර්යාල වේලාවන් සඳහා නව බස්‌ සේවාව ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය.

මෙම නව ක්‍රමය මංතීරු 3 ක්‌ සහිත මාර්ගවල ක්‍රියාත්මක කළ හැකි වුවත් මංතීරු 2 ක්‌ පවතින මාර්ගවල ක්‍රියාත්මක කළ නොහැකි බවද විඡේරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.


චමින්ද සිල්වා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment