මෙල්බර්න් නුවර ඉගෙනුම ලබමින් සිටි ‘ෆේස් බුක් තරිඳු‘ හදිසි අනතුරකින් මරුට

මෙල්බර්න් නුවර ඉගෙනුම ලබමින් සිටි
‘ෆේස් බුක් තරිඳු‘ හදිසි අනතුරකින් මරුට

ඊයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඩැන්ඩිනොන්ග්හි සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රී ලාංකික සරසවි සිසුවෙකු මියගොස් තිබේ. ඔහු පදවාගෙන ගිය මෝටර් රථයේ වේගය පාලනය කරගන්නට බැරිව යාමෙන් මාර්ගය අසළ ගසක හැපී රථය පොඩි පටටම් වීම නිසා ඔහු මියගොස් තිබේ.
මියගිය සිසුවා තරිඳු කුරේ නමැති මෙල්බර්න්හි වික්ටෝරියා සරසවියේ පරිගණක විද්‍යාව හදාරමින් සිටි
අයෙකි. ඔහු ලංකාවේ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා විය.
තරිඳු නැතහොත් TRC! යන නමින් ෆේස්බුක්
සමාජ ජාලයේ ප්‍රකටව සිටි ඔහු කලින් කල ෆේස් බුක් සමාජ ජාලයේ පළ කළ ස්ටේටස් හා කොමෙන්ටු විශාල කථාබහට ලක්විය.
ඔහු ලියන බස්වහර කාටත් සිත්ගන්නා සුලුවූ අතර හොඳ සාහිත්‍ය පොත පත පරිශීලකයෙකු බවද පෙන්නුම් කර තිබුණි. රජයේ ලොල් සංස්තාව, තව්සන් ටෝක්, සනීප නෑ  නමින් ප්‍රකාශයට පත්වන ෆේස් බුක් පිටුවල සංස්කාරක වරයෙකු ලෙසද ඔහු කලින් කලට සම්බන්ධවී සිට ඇත.
අධික වේගයෙන් රිය පැදවීමෙන් ඔහුගේ මරණය උදේ පාන්දර සිදුවන්නට පෙරාතුව
උදේ 1.48 ට ඔහු තැබූ සටහන වූයේ
‘අපි වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙමුකෝ ඌ ඕන්නෑ ඔයාට😗‘ යන්නයි.
ඉන් පෙර 12.36 ට Cheers😗 නමින් සටහනක් ඇතිව ඔහු සම්බන්ධවූ මත්පැන් සාද මේසයේ ඡායාරූපයක් ෆේස් බුක් තුළ පළ කර තිබුණි.

තරිඳුගේ මරණය ඕස්ට්‍රෙලියානු රූපවාහිනිය වාර්තා කළේ පහත පරිදිය.


පහත පළවන්නේ  ඔහුගේ නිර්මාණාත්මක වාක්‍ය අඩංගු පෝස්ටුවක් හා තරිඳු ගැන පළවූ ෆේස් බුක්සටහන්ය.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment