පොලිස්පතිගේ ප්‍රශ්නය හමුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු නිරුත්තර වෙයි! (වීඩියෝ)

පොලිස්පතිගේ ප්‍රශ්නය හමුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු නිරුත්තර වෙයි! (වීඩියෝ)
ආන්දෝලනයට පත් පොලිස් මුලස්ථානයේ විදුලි සෝපානයේ ක්‍රියාකරු භාවනා නිකිරිම නිසා පොලිස්පතිවරයාගේ අඩම්තේට්ටම් වලට ලක් වූයේ පසුගිය අප්‍රේල් 11 වැනි දිනය. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු සියලුම පාර්ශව වෙත  පැමිණිලි කළ තිබුණද නමුත් මේ දක්වා කිසිදු විමර්ශනයක් සිදු වී නැත.
 
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ ඉදිරි සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන බවයි. 
 
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුවූ මෙම ප්‍රශ්නකාරී තත්ත්වයෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී නොවුණි.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment