රවී එළියට ආ පසුව ඇත්ත වසන් කරන්න බෑ කියලා


ඇත්ත හෙළිදරව් වන බවත් වසන් කිරීමට නොහැකි බවත්
අමාත්‍ය රවී කරුණානයක මහතා බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඊයේ පවසා තිබේ.
“සාක්ෂි නැතිව
මාධ්‍යය මාව එල්ලන්න හැඳුවා. අද සාක්ෂි සහිතව ඒවා බොරු කියලා අපි ඔප්පුකරලා පෙන්නුවා. රජයේ නිතිපති දෙපාර්තමේන්තුව අපේ චරිත ඝාතනය කරලා ඒ අය ඉස්සරහට යන්න හදනවා. නැත්නම් මොනවද මේ තිබෙන සම්බන්ධකම්. මේක තුළින් අපට පෞද්ගිලක ජීවිත ගත කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. අපි ආවේ යහපාලනය ගෙනියන්න. ඒකට ඉහළින්ම කටයුතු කර තිබෙන පුද්ගලයෙක් මම.
මම අවුරුදු දෙක හමාරක් මුදල් අමාත්‍යාංශයේ කටයුතු කර තිබෙනව. එතන තමයි කරන්න පුළුවනන් (දූෂණ) හොඳම තැන. තඹ සතයක් ගෙවන්න තිබුණද අමාත්‍යාංශයට, මිනිස්සුන්ට. ඒ වගේ පාලනයක් තමයි අපි ගෙනිච්චේ. අපේ දේශපාලනයේ හිතවත් කට්ටිය මේක කරන්නේ.
ඇත්ත හෙළිදරව් වෙනවා. වසන් කරන්න බෑ. මාධ්‍ය නිකරුණේ මගේ චරිත ඝාතනය කර තිබෙන්නේ. එය නිවැරදි කිරීම ඔබ සතු දෙයක්. රජයේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙක්ගෙන් නීතිපති දෙපාර්තමෙන්තුව ප්‍රශ්න කරනවා. මේක මීට අවරුදු තුනකට කලින් වුණානම් මොකද වෙන්නේ. සුදු වෑන් වලින් යන්න තිබුණා.
මම කියන්නේ හිත් රිදීමකින්. විපක්ෂයේ සිටින විට අපිට හිරිහැර කළා. ආණ්ඩුවට ආවම චරිත ඝාතනය කරනවා.”
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment