රවි බැඳුම්කර කොමිසමට ඇවිත්


රවි බැඳුම්කර කොමිසමට ඇවිත්

අද (02 දා) පෙරවරු 9.35 ට භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම රැස්‌වුණ අවස්ථාවේ හිටපු මුදල් ඇමැති සහ වත්මන් විදේශ ඇමැති රවි කරුණානායක මහතා  සාක්‍ෂි දීමට ආවේය.
ඇමැති රවි කරුණානායක මහතා හැර වෙනත් සාක්‍ෂිකරුවකු අද කොමිසම හමුවේ
සාක්‍ෂියට කැඳවා

නොතිබුණි.
මින් ඉහත ජුලි 25 සහ 26 කොමිසම හමුවට පැමිණ සාක්‍ෂි දෙන ලෙස නොතීසි තිබුණත් රවි කරුණානායක ඇමැතිවරයා තමාට කැබිනට් රැස්වීමකට හා ආරක්සක සණ්ඩල රැස්වීමකට යාමට අවශ්‍ය බව කියමින් ඒවා මග හැරි නමුත් අද ආවේය.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා හමුවට ඇමති රවී පෙනී සිටියේ රවීගේ නීතීඥ ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාද සමගිනි.

ඔහු සාක්ෂි දීම සිදු කරන ස්ථානය අසළට විශාල මාධ්‍ය කණ්ඩායමක් ගොස් තිබුණි. ඔහුගෙන් ප්‍රශ්න කිරීම පැයකට පමණ පසු ආරම්භ කළ අතර එම ප්‍රශ්න කිරීමේදී කොල්ලුපිටියේ මහල් නිවාසයක් ලබාගැනීමට අදාළ සාක්සිකාරියක ලබාදුන් ප්‍රකාශයට අදාළ කරුනු සම්බන්ධ හරස් ප්‍රශ්නවලට උත්තර දීමට නියමිත බවද වාර්තා විය. එයට අමතරව ඔහු මුදල් ඇමතිවරයාව සිටි සමයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුවට අදාළව අසන ඕනෑම ප්‍රශ්නයකටද ඔහුට උත්තර දීමට සිදුව ඇත.
කොමිසමට ප්‍රමාදවී පැමිණීම ගැන රවී සමාව ඉල්ලූ බවද වාර්තා විය.
මෙම ප්‍රශ්න කිරීම් වලට අදාළ පිළිතුරු තවම මාධ්‍ය වෙත නිකුත්ව නැත.
කොමිසමට  ඇමති රවී පැමිණි ආකාරය වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment