ඒ. එච්. එම්. අස්වර් සමුගනී - අවසන් කටයුතු අද

හිටපු ඇමැතිවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අල්හාජ් ඒ. එච්. එම්. අස්වර් මහතා ඊයේ පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.
මිය යන විට 80 වැනි වියෙහි පසුවූ ඒ මහතා වසර 16කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර
තිබේ.
1937 පෙබරවාරි 8 වනදා

උපත ලද ඔහු ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිස පසුව එජාපයට එක්විය.
2002 වසරේ බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ ඔහු දිගු කලක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු වුවත් 2010 දී මහින්ද රාජපක්ෂ සමග එක්විය. එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් අවසන් වරට පාර්ලිමේන්තුවට පත්වූ ඔහු පාර්ලිමේන්තු කටයුතු ව්‍යාපෘති මෙන්ම නැගෙනහිර සංවර්ධන සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා විය.
2014 නොවැම්බර 28 වැනි දා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් විය.
ඒ.එච්.එම් අස්වර්ගේ දේහය පිළිබද අවසන් කටයුතු දෙහිවල - කළුබෝවිල පිහිටි මුවා මුස්ලිම් දේවස්ථානයේදී අද සිදුවේ. දේහය මේ වනවිට දෙහිවල සරණංකර මාවතේ පිහිටි ඔහුගේ නිවසේ
තැන්පත් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment