බංග්ලාදේශයට ඓතිහාසික ජයග්‍රහණයක් !

බංග්ලාදේශයට ඓතිහාසික ජයග්‍රහණයක් !
තරගයේ ලකුණු සාරාංශය
බංග්ලාදේශය පළමු ඉනිම ලකුණු 260
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම ලකුණු 217
බංග්ලාදේශය දෙවැනි ඉනිම ලකුණු 221
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම ලකුණු 244
 
2000 වසරේදී ඉන්දියාවට එරෙහිව සිය මංගල තරගයට මුහුණ දුන් බංග්ලාදේශය මේ වනවිට තරග 101 කදී ජයග්‍රහණ 10 ක් වාර්තා කරගෙන තිබේ. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග 5 ක්, කොදෙව්වන්ට එරෙහිව තරග 2 ක්, ශ්‍රී ලංකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවලට එක් ජයග්‍රහණයක් ද බැගිනි.
 
ටෙස්ට් වරම් දිනාගත් සමයේ අතිශය දුර්වල කණ්ඩායමක් වූ බංග්ලාදේශය ටෙස්ට් තරග බහුතරයක් ඉනිමකින් පරාජයට පත්වූ අතර එම තරග බොහෝ විට දින තුනක් ඇතුළත අවසන් විය. කෙසේ වෙතත් 2016 වසරේ සිට සුවිශේෂ දස්කම් දැක්වීමට ඔවුන්ට හැකිවූ අතර එය සතුටට කරුණක් වන්නේ එම සාර්ථකත්වය පිටුපස සිටින ප්‍රධාන පුහුණකරු චන්දික හතුරුසිංහ මහතා ප්‍රමුඛ පුහුණුකරුවන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වීමයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment