විශේෂ මං තීරුවේ යන සුඛෝපභෝගි බස්රථ සේවාවක් ලඟදීම

Bus-Lane_15_08_2017

බස්රථ සඳහා හඳුන්වා දුන් විශේෂ මං තීරු ක්‍රමය යටතේ උදෑසනට හා රාත්‍රියට විශේෂ ශීඝ්‍රගාමී වායු සමනය කරන ලද බස් සේවාවක් ළඟදීම හඳුන්වා දීමට ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය තිරණය කර අති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

මේ සඳහා දැනටමත් බස් රථ 100ක් චීනයෙන් ඇණවුම් කර ඇති බවත්  පෙරවරු 6.00 සිට පෙ.ව‍ 8.00 දක්වාත් පස්වරු 4.00 සිට 6.00 දක්වාත්, රාත්‍රී 8.00 සිට රාත්‍රී 12.00 දක්වාත් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි ඔහු පවසා සිටියේ.

මේ සුපිරි බස් රථ මඟින් දැනට කොළඹ නගරයේ ධාවනය වන මෝටර් රථ ඇතුළු සුපිරි වාහනවල ගමන් ගන්නා මඟීන් පොදු ප්‍රවාහන සේවාවට ඈඳාගැනීමට කටයුතු යොදනු ලබන අතර, රාත්‍රී කාලයේ බස් රථ ගමන් යෙදීමෙන් සාප්පු සවාරි සහ අත්‍යවශ්‍ය රාජ්‍ය කාර්යාල රාජකාරි ඉටු කරගෙන යෑමට හැකි වන පරිදි අත්‍යවශ්‍ය රාජ්‍ය ආයතන විවෘත කිරීමටද යෝජනා කර ඇත.

මේ අතර දැනට බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරුව බොරලු පැහැයට හුරු රතු පැහැයෙන් වර්ණ ගැන්වීමටද රජය අදහස් කොට ඇත.

   
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment