ගින්නට පෙර වස ශරීරගතවෙලා තැපැල් ස්ථානාධිපතිනිය දිවිනසාගෙන ඇති බවට සැකයක්

ගින්නට පෙර වස ශරීරගතවෙලා
තැපැල් ස්ථානාධිපතිනිය
දිවිනසාගෙන ඇති බවට සැකයක්



ඇල්පිටිය කුරුදුගහ හැතැප්ම ප‍්‍රදේශයේ තැපැල් කාර්යාලය තුළ හටගත් ගින්න නිසා මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුර පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ අනුව ඇගේ මරණය දිවිනසාගැනීමක්ද යන සැකයක් මතුව තිබේ.
එයට හේතුවී ඇත්තේ අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව ඇගේ සිරුර තුළ වස අඩංගු පැවති බව
වෛද්‍යවරයා හඳුනාගෙන තිබීමයි.

ඊයේ උදෑසන ගින්න සිදුවූ අවස්ථාවේ ගිනි නිවන හමුදාව පැමිණ උප තැපැල් කාර්යාලයේ දොර කඩා ඇය සිටි ස්ථානයට යද්දී ඇගේ සිරුරු කොටස් පිළිස්සී ඇය ඇදවැටී සිටි අතර ඇය රෝහල් ගත කරන විටත් මියගොස් සිටියා.ඇගේ දේහය අසළින්  කුප්පි ලාම්පුවක්ද තිබී හමුවී ඇති නමුත් එහි භූමිතෙල් තිබී නැත.ඒ අනුව ඇය වස ශරීරගත කරගෙන එම ස්ථානයට ගිනි තබා ඇතිද යන්න ගැන සැකයක් මතුව තිබේ. වෛ්‍යෛ පරීක්ෂණ මගින් මියගිය කාල නිර්ණයේදී ගිනි ඇවිලී මියයෑමට පෙර වස ශරීර ගතවී ඇති බවට හඳුනාගෙන ඇති බවද දැක්වේ.ෙ
තැපැල් කාර්යාලයේ තිබී ඇගේ සිරුරේ රසායනික හා සමාන වස බෝතලයක්ද පොලීසිය ඊයේ සොයා ගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන අතර, මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබෙනවා.
මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ පවුලේ කිසියම් ආරවුලක් පැවතියේද යන්න ගැන විමර්ශනය කිරීමට පොලිසියේ අවධානය යොමුව තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment