ඛනිජ තෙල්වර්ජනය අත්හරියි

තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට  ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.
මේ අතර අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබූ ඛනිජ තෙල් සේවකයන් 16 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර තිබේ.
ඛනිජ තෙල් සේවකයින් 16 දෙනා අද මෝසමක් මඟින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අදාල නියෝගය නිකුත් කෙරිණ.

ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් මීට පෙර පොලිස් ඇප මත මුදා හැර තිබුණි.
කෙසේ වෙතත් ඊයේ දින එම සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබූ බව සඳහන්ය.
නඩුව අද කැඳවූ අවස්ථාවේ ඛනිජ තෙල් සේවකයින් 16 දෙනා නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී ඇත්තේ තමන්ට ඊයේ දින නඩුව කැඳවීම පිළිබඳ  දැනුවත්වීමක් නොතිබූ බැවින් අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි.
ඔවුන්ට නැවත අගෝස්තු මස 24 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment