එට්කා ගැන තීරණාත්මක සාකච්ඡාවක් ඔක්තෝබරයේදී

එට්කා ගැන තීරණාත්මක සාකච්ඡාවක් ඔක්තෝබරයේදී

 

අවසන් වරට පැවැත්වූ සාකච්ඡාවේදී ගිවිසුමට අදාල භාණ්ඩ හා සේවා මොනවාද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකළ අතර ඉදිරි සාකච්ඡාවේදී ඒ පිළිබඳ අවසන් එකඟතාවයට පැමිණීමට නියමිතය.

ඔක්තෝබර් සාකච්ඡාවේදී ගිවිසුම පිළිබඳ යම් ප්‍රගතියක් අත්පත් කරගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන අතර ගිවිසුම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතය.

ETCA ගිවිසුමට එරෙහිව විවිධ වෘත්තිකයන් දැඩි විරෝධයක් එල්ල කළ අතර නැවත සාකච්ඡා ආරම්භවීමත් සමග විරෝධතා ද නැවත අලුත් වටයකින් ආරම්භ වනු ඇත. කෙසේ වෙතත් කුමන විරෝධතා එල්ල වුවද ETCA ගිවිසුම අත්සන් කිරීමට මේ වනවිට රජය තීරණය කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment