ශිරන්ති විහාරමහාදේවිය නම් ඇය බිලි වී ඇත්තේ කාගේ ශාපයටද?



ඒකාබද්ධ විපක්‍ෂය පවසන අන්දමට ශිරන්ති රාජපක්‍ෂ විහාරමහා දේවියක් නම් ඇය බිලි වී ඇත්තේ කවුරුන් කරන ලද පාපයකටදැයි දැන ගැනීමට අවශ්‍ය බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.ඊයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් චමීර පෙරේරා මෙසේද කීය.


'අපි දැක්කා මේ දිනවල විහාරමහාදේවිය ගැන බරපතළ ප්‍රකාශ කිහිපයක් කරනවා. ඒකාබද්ධ විපක්‍ෂය චෝදනා කරනවා විහාරමහා දේවියට දඬුවම් කිරීම ගැන. අපිට හිතුණා හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්‍ෂ ඇත්තටම විහාර මහා දේවියක් වේවිද කියලා. ඇත්තටම ගත්තොත් විහාර මහ දේවිය කියන්නේ අනුන්ගේ පාපයකට බිල්ලක් වෙන කෙනෙක්. එහෙම තමයි මහා වංශයේ තියෙන්නේ. ඒකාබද්ධ විපක්‍ෂය කියනවා නම් ඇය විහාර මහා දේවිය කියලා ඔවුන් කියන්නේ ශිරන්ති රාජපක්‍ෂ ආර්යාව අනුන් කරපු පාපයකට බිලිවෙලා ඉන්නෙ කියලා. අපිට දැන ගන්න අවශ්‍යයි කවුද ඒ පාපය කළේ කියලා.
පාපය කළේ ශිරන්ති රාජපක්‍ෂ මැතිනියගේ ස්වාමිපුරුෂයාද, එහෙම නැත්නම් ඇයගේ පුතෙක්ද, ඇයගේ මස්සිනාද, කවුද ඒ පාපය කළේ. අපිට ඒක දැන ගන්න අවශ්‍යයි.

ඇයගෙන් ප්‍රශ්න කරන්නේ කෙනෙක්ව මරා දැමූ අපරාධයකට සාක්‍ෂි සටහන් කරන්න. ශිරන්ති රාජපක්‍ෂ කවුරුහරි කරපු පාපයකට බිල්ලක් වෙනවාද කියලා දන්නේ ඒකාබද්ධ විපක්‍ෂය විතරයි.

දිනේෂ් ගුණවර්ධන කියනවා ඉතිහාසයේ කවදාවත් සිදු නොවුණු ආකාරයට ජනාධිපති ආර්යාවකට මේ ආකාරයට සැලකුවේ නැහැ කියලා. ඒක ඇත්ත. ඉතිහාසයේ කවදාවත් මෙවැනි ජනාධිපති ආර්යාවක් ඉඳලා නැහැ. ඉතිහාසයෙත් නැහැ. ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. විලියම් කුමාරයාත් මිල අධිකයි කියලා යන්න ප්‍රතික්ෂේප කරපු ප්‍රංශයේ හෝටලයකට ගිහිල්ලා අධික මුදලක් වැය කරලා කාමර ගත්තේ ඇය, තාජුඩීන්ගේ මිනීමැරුම සිදුවුණු වෙලාවේ හතළිහකට අධික දුරකතන ඇමතුම් පොලිසියට දුන්නේ ඇය තමන්ගේ සිරිලිය ගිණුම සඳහා මුදල් ගන්න 222222222ම කියන ජාතික හැඳුනුම්පත් අංකයක් තිබුණු ඉතිහාසයේ හිටපු එකම ආර්යාව ඇය. ඒ වගේම තමයි පැය 3ක් සිංහලෙන් කතා කරලා අන්තිම මොහොතේදී සිංහල අමතක වුණා කියපු එකම ආර්යාව ඇයමයි. ඒ නිසා ඉතිහාසයේ මෙවැනි ආර්යාවක් ඉඳලා නැහැ. වපුරපු විදියට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. මේක අධිකරණයට භාරවුණු කාරණාවක්.

දිනේෂ් ගුණවර්ධන එහෙම කියලා අහනවා ඇයි මහින්ද රාජපක්‍ෂට බයද කියලා. අපිට කියන්න තියෙන්නේ ඔව් අපි බයයි කියලා. කවුද මැරෙන්න, අතුරුදන් වෙන්න, ගුටිකන්න
බය නැත්තේ.
අපි හැමෝම දැක්කා ශිරන්ති රාජපක්‍ෂ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ආපු වෙලාවේ තනි මනුස්සයෙක් විරෝධය පෑවා කියලා ඒ මනුස්සයට ගහපු හැටි. මාධ්‍යවේදීන් එතන නොහිටියා නම් තාමත් ඒ මනුස්සයා ගුටි කනවා.

මහින්ද රාජපක්‍ෂ කවදාවත් විරෝධයක් ඉවසපු කෙනෙක් නෙවෙයි.
ඒ වගේම තමයි මහින්ද රාජපක්‍ෂගේ බාල පුතා රෝහිත රාජපක්‍ෂ කියනවා ඔහු තමයි දැනට ලංකාවේ ඉන්න එකම අභ්‍යවකාශ ඉන්ජිනේරුවා කියලා.
අපි බලධාරීන්ට කියනවා මේ අංක එකේ රොකට් ඉන්ජිනේරුවාගේ උසස් පෙළ ප්‍රතිඵල පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා.
ඒ වගේම තමයි මහින්ද රාජපක්‍ෂ කීප වරක්ම මෑතකදී ප්‍රකාශ කළා මට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අයිති මම තමයි සභාපති කියලා. මානසික ආතතියකින් ව්‍යාධියකින් පෙළෙන අය තමයි මේ වගේ කතා කියන්නේ.‘

උදයන්ති මුණසිංහ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment