ඉන්දියාවේ සිට ලංකාවට ආ ගුවන් යාන මගියෙකුගේ රිචාජ් බැටරි පැක් එකක් ගිනි අරන් නූලෙන් බේරෙයි


ඉන්දියාවේ සිට ලංකාවට ආ ගුවන් යාන මගියෙකුගේ 
රිචාජ් බැටරි පැක් එකක් ගිනි අරන්
නූලෙන් බේරෙයි


ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා යාත්‍රා කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ. එල්. 166 දරන ගුවන් යානයේ ගමන් ගත් මගියකුගේ ගුවන් මලු බෑගයක තිබූ ලිතියම් බැටරි කිහිපයක් පෙරේදා (30දා) දැවී ගොස් ඇති අතර ගුවන් කාර්ය මණ්ඩලයේ දක්ෂතාව මත
උපද්‍රවයකින් තොරව එම යානය නියමිත වේලාවට ගොඩබැස්වීමට හැකිවූ බව එම සමාගම සඳහන් කරයි.

මෙම ගුවන් යානයේ මගීන් 202ක් ඇතුළු ගුවන් කාර්ය මණ්ඩලය ඒ මොහොතේ සිට ඇති බවත් නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපොළට යානය ගොඩබැස්වීමෙන් අනතුරුව
ගුවන් මගීන් අත්පොළසන් දී ගුවන් කාර්ය මණ්ඩලය ඇගයීමට ලක් කළ බවද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගුවන් ගමන ආරම්භ කර මිනිත්තු 70ක කාලයකට පසු ආහාර පාන සේවාවද අවසාන වීමෙන් ගුවන් කාර්ය මණ්ඩල නිලධාරීන් විසින් ගමන් මලු බහාලන කැබින් තුළ දුමක් නඟින බව දැක එය වහාම ගුවන් මැදිරි කළමනාකරු ගුවන් නියමු කපිතාන් වෙත දැනුම් දීමට කටයුතු කර ඇත. මේ අවස්ථාවේදී ගුවන් මැදිරි කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් ගිනි නිවන උපකරණ හරහා දුම නිවීමට කටයුතු කළ අතර පසුව එම බෑගය ගුවන් මැදිරි සේවා ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත. ලිතියම් නිසා ඇතිවූ ගින්දරක් බවට අනුමාන කරමින් කාර්ය මණ්ඩලය විසින් ලිතියම් ගිනි නිවන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් බෑගය වතුර භාජනයක බහාලීමටත් පසුව කටයුතු කරනු ලැබීය. මෙම ක්‍රියාමාර්ගය මත බෑගයෙන් පිටවන දුම සම්පූර්ණයෙන් පාලනය වූ අතර
එය විවෘත කිරීමේදී ලිතියම් බැටරි කිහිපයක් සහ ජංගම දුරකතන 2ක් කාර්ය මණ්ඩලයට හමුවී ඇත.

මේ අනුව ගුවන් මැදිරි කාර්ය මණ්ඩලය විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිටින ගුවන් ගමන් පාලකවරුන් වෙත මේ පිළිබඳව වහාම දැනුම් දීමට කටයුතු කළ අතර ගුවන් යානාව සාමාන්‍ය පරිදි ගොඩබැස්වීමට සලස්වමින් ගුවන් මගීන්ද ගුවන් යානාවෙන් සාමාන්‍ය පරිදි පිටවීමට කටයුතු යොදනු ලැබීය. ගුවන් යානය ගොඩබැස්වීමෙන් පසු අනතුරුදායක භාණ්ඩ පිළිබඳ විශේෂඥයන්, ගිනි නිවන භටයන් ඇතුළුව ආරක්ෂක කණ්ඩායම් ගුවන් යානය වෙත කැඳවීමෙන් අනතුරුව මෙම තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට ගුවන් කාර්ය මණ්ඩලයට හැකිවීම සැමගේ පැසසුමට ලක්විය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙත භාරදී ඇත.

චාමර අමරසූරිය
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment