රෝසි සේනානායක ඊළඟ කොළඹ නගරාධිපතිනිය ?


ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමා කොළඹ නගර සභාවට තරග කරන බව හිටපු මන්ත්‍රීනි රෝසි
සේනානායක මහත්මිය
සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබේ. දැනට  අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ඇය කටයුතු කරයි.
කොළඹ නාගරිකය තුළ ඉහළ මනාප හිමි රෝසි මහත්මිය කොළඹ නගර සභාවට තරග වැදුනොත් ඉහළින්ම දිනනු ඇතැයිද ඇයට කොළඹ නගරාධිපති ධූරය පවා ලබාගන්නට හැකිවනු ඇතැයිද දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ.
තමාට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධූරය ලබාගන්නට හැකියාව තිබුණත් එය බාර නොගත්තේ එජාපය බලයට ගෙනඒමට තමා ජනතාවට පොරොන්දු රැසක් ලබාදුන් නිසා බවද එහිදී පවසා තිබේ.
රෝසි සේනානායකට අවසන් වරට පැවති මහමැතිවරණයේදී මනාප මදිවීම නිසා පාර්ලිෙම්න්තු මන්ත්‍රී ධූරයක් නොලැබ ගියේ යංතමිනි. ඇය නැවත ගණනයට ඉල්ලුවත් පසුව අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබුනි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment