ව්‍යවස්ථා සංශෝධනයට සහ පළාත් ඡන්ද සියල්ල එකට තියන්න කැබිනට් අනුමැතිය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ 1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම පනත් කෙටුම්පත ගැසට් කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ,
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ය.

1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනතේ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා ජූලි මස 25 වන දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිණි.

ඒ, සියලු පළාත් සභාවලට අදාළ ඡන්ද විමසීම එක් දිනක් තුළ පැවැත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ය.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක අදාළ සංශෝධන පනත් කෙටුම්පත සකස් කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment