අධිවේගි මාර්ග තුනම චීනයට

Gamanpila_D

විකුණා ගෙන කෑම සිය ජීවිතය කර ගත් වත්මන් ආණ්ඩුවේ අළුත්ම ගොදුර වී ඇත්තේ අධිවේගි මාර්ග තුන බව පිවිතුරු හෙළ උරුම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

විකුණා ගෙන කෑම සිය ජීවිතය කර ගත් වත්මන් ආණ්ඩුවේ අළුත්ම ගොදුර වී ඇත්තේ අධිවේගි මාර්ග තුන.  කටුනායක, දක්ෂිණ සහ කොළඹ පිට වට රවුම් යන අධිවේගි මාර්ග තුනම අධිකාරියකට පවරලා ඒ හරහා ඩොලර් මිලියන 600කට චීනයේ ෂැංඩොංග් කියන සමාගමට විකිණීමට සියල්ල සූදානම්.  නෑ නෑ අපි විකුණන්නේ නෑ වසර 35කට බදු දෙනවා කියලා කියාවි. වසර දහයකට වඩා බදු දෙනවා නම් එය විකුණුමකට සමාන බවටයි තක්සේරු කිරීමේ දී සලකන්නේ

මේ සතියේ ඇමති මණ්ඩල රැස්වීමට මේ පිළිබඳ ඇමති මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පිළිබද පසුගිය ඇමතිමණ්ඩල සාකච්ඡාවෙදිත් අවධානය යොමු උනා.එතනදී විශ්‍රාමික දේශප්‍රේමි ඇමතිවරයෙකු හොඳ යෝජනාවක් කරලා.  අධිවේගි මාර්ග තුන විකුණනවා කීවාම ලොකු විරෝධයක් සමාජයේ නැගෙනවා.  ඒ නිසා අපි අළුතින් අධිකාරියක් හදලා ඒකට අධිවේගි මාර්ග පවරලා ඒකෙන් කොටස් ප්‍රතිශතයක් විතරක් චීනෙට විකුණමු කියලා.  මොන වෙස් මුහුණ බැන්දත් අපි මේ විකිණීමට විරුද්ධයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment