හැටන් ප‍්‍රදේශයට මත්ද්‍රව්‍ය සහ මත් පෙති බෙදා හරින ප‍්‍රධාන ජාවාරමිකරු අත්අඩංගුවට

DRUGES

හැටන් ප‍්‍රදේශයට කේරල ගංජා සහ අධි මාත‍්‍රා වේදනා නාශක පෙති බෙදාහරින ප‍්‍රධාන ජාවාරමිකරුව ඊයේ (17.08) හැටන් නගරයේදි හැටන් සුරාබදු කාර්්‍යාලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් ගාමිණීපුර ප‍්‍රදේශයේ පදිංචි මෙම ජාවාරමිකරු මත්ද්‍රව්‍ය බෙදාහරින බවට සුරාබදු නිළධාරින් වෙත ලද තොරතුරක් මත හැටන් නගරයේදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි පැකටි කරන ලද කේරල ගංජා පැකටි පහළොවක් සහ විශේෂඥ්‍ය වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මානසික රෝගින් හට පමණක් නිකුත් කරන අධි මාත‍්‍රා වේදනා නාශක මත්පෙති තොගයක්ද අත්අඩංගුවට ගැනිමට හැකි වු බවත් එම පෙති සැකකරු විසින් අධික විවිධ මිළ ගණන් යටතේ අලෙවි කර ඇති බවයි හැටන් සුරාබදු කාර්්‍යාල සුරාබදු පරික්‍ෂක ඩි.පි.අලවත්තේගම මහතා පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටද කරන ලද මුලික පරික්‍ෂණ වලදි අනාවරණය වි තිබෙනවා. එම සැකකරුව අද (18.08) හැටන් මහේසත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කරන බව සුරාබදු පරික්‍ෂකවරයා පවසා සිටියා.

හැටන් රංජිත් රාජපක්ෂ

DRAGS RADE (1) DRAGS RADE (2) DRAGS RADE (4) DRAGS RADE (5) DRAGS RADE (6)  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment