කාටවත් බැඳුම්කර දූෂණ කරන්න අපි ඉඩදෙන්නෙ නෑ - අගමැති රනිල්


කාටවත් බැඳුම්කර දූෂණ කරන්න අපි ඉඩදෙන්නෙ නෑ
- අගමැති රනිල්

අද (6) හැටන් නගරයේ පැවති ආගමික උත්සවයක් අතරතුර අගමැති රනිල් බැඳුම්කර දූෂණ ගැන සොයා බලන බවට ප්‍රතිඥාවක් දී තිබේ.
එම කතාව මෙසේය.

‘අපි දැන් දුෂණය ගැන හොයාගෙන යනවා.කාටවත් දුෂණය කරන්න අපිට ඉඩ දෙන්න බෑ.ගිය ආණ්ඩුව කරපු දුෂණ ගණනාවක් අපි හොයාගෙන
ගිහින් තියෙනවා.පොලිසි සමහර එවා හොයලා නඩු දාලා තියෙනවා.අනික්වා පරික්ෂා කරගෙන යනවා.සමහර එවා නිතිපති දෙපාර්තමේන්තුවට යවල තියෙනවා එතනින් තීරණ අරගෙන කියන්ට උවමනායි.චෝදනා තියෙනවනම් හොයලා බලන්න ඕන.මහා බැංකුවේ බැදුම්කරයක් ගැන චෝදනාවක් තිබුනා.

ඉස්සෙල්ල මම අභ්‍යන්තර කමිටුවක් පත්කරා අපේ නිතිඥ මහත්වරු යටතේ.ඊට පස්සේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසායක කාරක සභාවට දුන්නා.අපි ජන්දේ දින්නත් එකේ සභාපති කලේ විපක්ෂයේ මන්ත්‍රි වරයෙක්.ඒකත් විවෘත කලා.ඊට පස්සේ ජනාධිපති කොමිසම පත්කලා.කවුරුවත් විරුද්ධ වුනේ නෑ.අද කොච්චර විවෘතද කිව්වොත් ඇමතිවරු ගෙනල්ලා නිතිපති ප්‍ර‍ශ්න අහනවා.
මිට ඉස්සෙල්ලා ඔහොම වෙනවද?

නිතිපති තුමා ජනාධිපතිගේ ගෝලයෙක් ඉස්සර ඕක ඇහුවනම් නිතිපති නිතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනවා.
නැත්තං සුදු වෑන් එකකින් උස්සගෙන ගියා.ඔන්න දැන් ගිහින් ප්‍ර‍ශ්න කරන්න පුළුවන්.දැන් කාටවුනත් අපි ඉඩ දිලා තියෙනවා.එකක් කියනවා මේ ආණ්ඩුවට හොරුන් ආරක්ෂා කරන්න වුවමනා නෑ.ඕනම කරුණක් හෙලිවුනොත්.ඒ ගැන වාර්තා වුනොත් අපි ඒ ගැන හොයලා බලලා ක්‍රියා කරනවා.අපේ පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නෙමෙයි.හොරු ඉන්නවනම් අයින් කරනවා.ප්‍ර‍සිද්ධියේ විනිවිද බාවයෙන් කරන්න දෙනවා ඔන එකක්. බැඳුම්කර චෝදනාව වගේ සිය ගුණයක් සිදුවුනා 2015 - 2017 වර්ෂවල. ග්‍රික් රටෙත් බැදුම්කර තිබුණා.තවත් රටවල තිබුනා.මේ ඔක්කොම ගැන අපි සොයා බලන්න ඕන.මම බලාපොරොත්තු වෙනවා මේවා කරන්න ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ සහයෝගය ලබාදෙයි කියලා‘

(වාර්තාව - හැටන් චන්දන ජයවීර)





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment