යාපනේ විනිසුරුට වෙඩි තැබීම භයානකයි - මහින්ද රාජපක්ෂ


පසුගියදා යාපනයේ විනිසුරුවරයෙකුට එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශ පවතින බවත්
මෙය භයානක සිද්ධියක් බවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ මෙසේය.
"නඩුකාරයා කියන දේ නෙමෙයි පොලීසියෙන් ඇහුව්වම කියන්නේ. මං දන්නේ නැහැ මොකක්ද මේ දෙකෙන් හරි කියලා. මෙතන තියෙන භයානක තත්ත්වය තමයි, පෙලිස් නිළධාරියකුට වෙඩි තියලා. ඒ තරම් අද රටේ නීතිය දුර්වලවෙලා. කොළඹ මේ වගේ සිද්ධියක් වුණා. බන්ධනාගාර නිළධාරීන් මැරුවා. දැන් යාපනේ වෙනවා. යාපනේ වෙනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕන මීට වඩා. යාපනේ පාතාලයට වඩා දරුණු දෙයක් සිදුවෙමින් පවතිනවා කියන එක අපිට කියන්න පුලුවන්. එල්.ටී.ටී.ඊ එක ආරම්භ කරන කාලෙත් මේ වගේ සිදුවීම් තමයි සිදු වුණේ ඒනිසා රජය මීට වඩා මේ ගැන ගැඹුරට හිතල කටයුතු කරන්න ඕන."
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment