රාජගිරියේ ගුවන් පාළම පැනල නෑ ඒ හැටි -RDA පැහැදිළි කිරීමක්


රාජගිරියේ ගුවන් පාළම පැනල නෑ ඒ හැටි
-RDA පැහැදිළි කිරීමක්


රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවට පසුගියදා කෝට්ටේ  ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති ජනක රණවක මාධ්‍ය කන්ඩායමක්ද කැටුව ඇවිත් ඡායාරූප හා වීඩියෝ සාක්ෂි ලබාගෙන දන්වා සිටියේය. මහින්ද රාජපක්ෂ සමයේ කොට්ටේ නගරාධිපති ධූරය දැරූ ජනක රණවක මහතා ගුවන් පාලමේ බර දරනු ලබන කුලුණුවලට සම්බන්ධ වන පාලමේ ඉහල කොටසක් නිසි පරිදි සම්බන්ධ නොවී
කණුවෙන් අගල් 8ක් පමණ පිටතට පැන ඇති බව දන්වා සිටියේය.
දෙසැම්බර් අවසන් වනවිට වැඩ නිමකරන්නට සූදානම් වන මෙම පාලම වත්මන් රජය ඡන්ද ඉලක්ක කර ඉක්මණ් කර ඇති නමුත් ප්‍රමිතියෙන් තොර බවත් චෝදනා කළේය.


මෙම චෝදනාවට ඉංජිනේරු විදයාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන්නට ඉදිකිරීම අධීක්ෂණය භාර මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඊයේ සවස විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූයේ එයින් පසුවය.

සභාපති නිහාල් සූරියආරච්චි දන්වා සිටියේ මෙහි කොටස් විදේශයක නිපදවන බවත් ලංකාවට ගෙන ඒමෙන් පසු සවි කිරීම සිදු කරන බවත් වංගු ආකාර ස්ථානවලදී කිසියම් ඇදයක් හටගන්නා නිසා මේ ආකාරයට දිස්වන නමුත් එය අන්තරාදායක තත්වයට ළඟා නොවූ වක්‍රවීමක ප්‍රතිඵලයක් බවයි. ඒ අනුව මෙය ගැටලු සහගත තත්වයක් නොවන බවත් ඉදිකිරීම් පිලිබඳ විශේෂඥයින් මෙය අනුමත කර ඇති බවත් දන්වා සිටියේය.
ප‍්‍රමිතියෙන් යුත්තව සියලුම කටයුතු සිදුවන බව කියා සිටි ඔහු මෙවැන්නක් සිදු වන බව කලින් හඳුනාගෙන තිබූ බව දක්වන ලිපි ලේඛනද ඉදිරිපත් කර සිටියේය.


රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් පළමු අදියර මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට කටයුතු යොදා තිබේ. වත්මන් රජය යටතේ 2016 වසරේදීඇරඹි මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 4700කි. මීටර් 180ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය. මීටර් 542ක දිගින් යුත් මෙම පාලම මංතීරු හතරකින් යුක්තය.ස්පාඤ්ඤ රජයේ ආධාර යටතේ මෙය ඉදිකෙරෙයි.

RDA පැහැදිලි කිරීම හා ජනක රණවකගේ චෝදනාව පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment