ස්පාඤ්ඤ ගීයකට youtube ඉතිහාසය වෙනස් කරමින් බිලියන තුනක නැරඹුම්


අන්තර්ජාලය තුළ එතෙක් මෙතෙක් වැඩිම නැරඹූම් වාර්තා කළ වීඩියෝව බවට පත්වෙමින් ස්පාඤ්ඤ ගායක ලුයිස් ෆොන්සිගේ ‘Despacito’ ගීතය වාර්තාවක් තබා
ඇත. (බිලියන 3.36)
මේ දක්වා වාර්තාව ඉසිලුවේ විස් කලීෆාගේ සීයූ අගේන් (බිලියන 3) ගීතය හා දෙවැනි තැන ඉසිලුවේ සයිගේ ගංග්නම් ස්ටයිල් (බිලියන2.9) ය. මෙම වාර්තාව දැන් හිමිවන්නේ ලුයිස්ගේ ගීයට බව යූ ටියුබ් සමාගම සිකුරාදා නිවේදනය කර තිබේ.
මීට පෙර 1996 මැකරිනා ගීයෙන් පසු අන්තර්ජාලය තුළ ස්පාඤ්ඤ ගීයක් මෙතරම් ජනප්‍රියවූ පළමු අවස්ථාව මෙයයි.
Despacito යන්නෙහි ස්පාඤ්ඤ අරුත ‘සෙමින්‘ යන්නයි.
මෙම ගීතය පසුගිය ජනවාරියේ වූටියුබ් වෙත එක්කර තිබුණත් වඩා ජනප්‍රිය වූයේ මෑතකය. එය සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් සංසරණය වෙමින් ජනප්‍රියතාව ලබාගත් එකකි. US singles chart චාට් ෂෝ එකේ සති 10 ක් තිස්සේ අංක එකේ රැඳී සිටින්නටද මෙම ගීයට හැකි විය.

පහත පළවන්නේ එම ගීතයයි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment