පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණයටත් කොට්ඨාස ක්‍රමය !

පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණයටත් කොට්ඨාස ක්‍රමය !
ගහ මර නොගන්නා, යුද්ධ නොකරන මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාව දැන් රට තුළ ගොඩනැගී ඇති බව ප්‍රකාශ කළ මහින්ද අමරවීර මහතා පැවසුවේ නව මැතිවරණ ක්‍රමය ගෙන ඒමේ පුරෝගාමී මෙහෙවර සිදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි. මේ අතර පිරිසිදු පක්ෂ වලින් ආණ්ඩු ගොඩනැගිය යුතු බව හෙතෙම කියා සිටියේය. මනාප ක්‍රමය හඳුන්වා දුන් දවසේ සිට  හොරකම් කිරීම ඇරඹුණු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
එළඹෙන 03 වැනි දින කැම්බල් පිටියේදී පැවැත්වෙන   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66වෙනි සංවත්සර රැළිය අති සාර්ථක අයුරින් කෙරෙන බවත් ශ්‍රීලනිපයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම දෙනාට ඊට සහභාගී වන ලෙස ආරාධනා කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment